Maheesh-Theekshana-and-wanidu-hasaranga

ජැෆ්නා කිංග්ස් පළමු ජය ලබයි

පළමු තරගයේ වූ අතපසුවීම් දෙවැනි තරගයේදී සිදු නොකරන්නට වග බලාගත්  ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ මූලික තරග වටය යටතේ සහභාගි වුණු දෙවැනි තරගය හෙවත් දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහි තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අද (07 දා) අත්කර ගත්හ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පළමු තරගය ලෙසින් පැවැති මෙම තරගයේදී පිට පිටම දෙවැනි වතාවටත් කාසියේ වාසිය තමන් සතු කරගනිමින් පළමුව පන්දුවට පහර දීමට දඹුල්ල නායක දසුන් ශානක තීරණය කළද ජැෆ්නා කිංග්ස් පන්දු යවන්නන්ගේ අභියෝගය හමුවේ රැස් කරගත හැකි වූයේ ලකුණු 110 ක් පමණි.

ඉලක්කය හඹා යෑමේදී යළිත් ආරම්භක පිතිකරු ස්ථානය දක්වා උසස්වීම් ලබමින් පිටියට පිවිසි අවිෂ්ක ප්‍රනාන්දු වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු අතරට පිවිසුණේය. පන්දු 27 ක් පමණක් වැය වුණු අවිෂ්කගේ ලකුණු 33 ක ඉනිම සඳහා ඔහු හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ඇතුළත් කර ගත්තේය. රාමනුල්ලා ගුර්බාස්ගේ කඩුල්ල ඉම්රාන් තහීර් විසින් වේලාසනම දවා ගත්තද ටොම් කෝලර්කැඩ්මෝට එක්වූ අවිෂ්ක දෙවැනි කඩුල්ලට පන්දු 41 කදී ලකුණු 63 ක් එක් කළහ.

වේගවත් ඉනිමක නිරත වුණු කෝලර්කැඩ්මෝට අර්ධ ශතකයක් වාර්තා කිරීමට පහසුම අවස්ථාවක් උදා වුවත් අවිෂ්කගේ දැවී යෑමත් සමඟ පිටියට පිවිසි ෂොයෙබ් මලික් වේගවත් ඉනිමක නිරත වීම නිසා එම අවස්ථාව ඔහුට අහිමිවිය. මලික් පිටියට පිවිසෙන විටත් ජැෆ්නා ජයග්‍රහණයට ලකුණු 34 ක් ද කෝලර්කැඩ්මෝගේ අර්ධ ශතකයට ලකුණු 11 ක්ද අවශ්‍යව තිබිණ, එහෙත් පැමිණි අවස්ථාවේ සිටම මනා විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දුන් මලික් නුවන් ප්‍රදීප්ගේ එක් පන්දුවාරයකට හයේ පහර 3 ක්ද සමඟින් ලකුණු 21 ක් රැස් කිරීමට සමත්වීම නිසා එම අවස්ථාව කෝලර්කැඩ්මෝට අවහිර විය.

පන්දු 45 ක් ඉතිරිව තිබියදී ජැෆ්නා කිංග්ස් ජයග්‍රහණය සනිටුහන් වද්දී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟින් කෝලර්කැඩ්මෝර්ගේ නම ඉදිරියෙන් පන්දු 30 කදී ලකුණු 45 ක්ද හයේ පහර 3 ක් සමඟින් ෂොයෙබ් මලික්ගේ නම ඉදිරියෙන් පන්දු 10 කදී ලකුණු 26 ක්ද සටහන්ව තිබිණ.

වෘත්තීය පන්දු යවන්නන්ගේ මනා සංකලනය ද සමග සැලසුම් සහගතව අවතීර්ණ වූ ජැෆ්නා කිංග්ස් පිල පළමු පන්දුවාරයේ සිටම ග්‍රහණය තර කළ හෙයින් පන්දුවාර 20 අවසන් වීමට පන්දු 3 ක් ඉතිරිව තිබියදී දඹුල්ල ඉනිම නිමාවට පත්විය. බලාපොරොත්තු වූ පරිදිම සාර්ථක ප්‍රතිඵල ගෙනා දුන් මහීෂ් තීක්ෂණ පළමුව දඹුල්ල පිලේ ප්‍රහාරාත්මක පිතිකරුවා වූ පිල් සෝල්ට්වද පසුව නායක දසුන් ශානක සහ නජිබුල්ලා සර්දාන්ව පන්දු 3 ක් ඇතුළතද දවා ගනිමින් තරගයේ වැඩි වාසි ජැෆ්නා කිංග්ස් වෙත හරවා දුන්නේය.

තම පන්දුවාර 4 දී නිලකුණු පන්දුවාරයක්ද සටහන් කරගත් දකුණත් පන්දු යවන්නා තීක්ෂණ ලකුණු 22 කට කඩුලු 3 ක්ද වනිඳු හසරංග ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත්හ. ඊට අමතරව වේග පන්දු යවන්නන් වූ සුරංග ලක්මාල් සහ ජේඩ්න් සීල්ස් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

දඹුල්ල ජයන්ට්ස් පල මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වීමට ඔවුන්ගේ නීරස පිතිහරඹයද හේතු නොවූවා නොවේ. පන්දුවට පහර එල්ල කිරීමේදී නිසි තෝරා ගැනීමකින් තොරව ක්‍රීඩා කිරීමෙහි ප්‍රතිඵලය වූයේ නුවනිඳු ප්‍රනාන්දු (23) හැර සෙසු එකම පිතිකරුවකුට හෝ ලකුණු 20 සීමාව පසුකර යෑමට නොහැකි වීමයි.

තරගයේ වීරයා – මහීෂ් තීක්ෂණ

ලකුණු සාරාංශය

දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැවී ලකුණු 110 යි – (නුවනිඳු ප්‍රනාන්දු 23, දසුන් ශානක 13, චාමික කරුණාරත්න 18, රමේෂ් මෙන්ඩිස් 14, මර්චන් ඩි ලෑන්ග් 13, වනිඳු හසරංග 16/3, මහීෂ් තීක්ෂණ 22/3, සුරංග ලක්මාල් 28/2, ජේඩ්න් සීල්ස් 23/2)

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 12.3 කදී කඩුලු 2 කට ලකුණු 114 යි – (ටොම් කෝලර්කැඩ්මෝර් 45*, ෂොයෙබ් මලික් 26*, අවිෂ්ක ප්‍රනාන්දු 33)

Maheesh-Theekshana-and-wanidu-hasaranga

Jaffna Kings crush Dambulla Giants by 8 wickets

Jaffna Kings registered a comprehensive 8-wicket victory over Dambulla Giants in the Lanka Premier League at the R. Premadasa Stadium on Tuesday.  

It was a king size finish by Thisara Perera’s team as they galloped to 114 for 2 in just 12.3 overs with Tom Kohler-Cadmore finishing on an unbeaten 45 off 30 balls. Shoaib Malik provided the final flourish, smashing 3 sixes in his innings of 26 runs from 10 balls. 

Dambulla Giants could muster only 110 off 19.3 overs as Wanindu Hasaranga picked up figures of 3 for 16 and Maheesh Theekshana picked up figures of 3 for 22.

Opening batsman Avishka Fernando set the tempo for Jaffna Kings with a 27-ball 33 innings. He strung a second wicket partnership of 63 with Kohler-Cadmore. Maheesh Theekshana was adjudged the Player of the match. 

Niroshan-Dickwella-C-1-960x641

දඹුල්ල ජයන්ට්ස් ලකුණු 20 කින් ජය ගනියි

තරග තහනමින් පසු පිටියට පිවිසි පළමු තරගයේදීම සාර්ථක පිතිහරඹයකට නියැළි නිරෝෂන් දික්වැල්ල සහ පිල් සෝල්ට් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 97 ක සම්බන්ධතාව ප්‍රධාන කොට එල්.පී.එල්. තරගාවලියේ දෙවැනි තරගය බවට පත් වුණු කැන්ඩි වොරියර්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල ජයන්ස්ට් කණ්ඩායම අද (06 දා) සමත්විය.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පළමු තරගය ලෙස පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල ජයන්ස්ට් පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 190 ක් රැස් කර ගැනීමට සමත්විය. කෙසේ වෙතත් ඊට පිළිතුරු ලෙස ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි වොරියර්ස් පිලට ලබාගත හැකි වූයේ පන්දුවාර 20 කදී ලකුණු 170 ක් පමණි.

එම හඹා යෑමේදී පළමු කඩුලු 3ම ලකුණු 28 කදී දැවී ගියද නායක ඇන්ජලෝ පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් සිව්වැනි කඩුල්ලට ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩ නංවමින් සිටියදී ඊට රමේෂ් මෙන්ඩිස් හරස් විය. කමිඳු මෙන්ඩිස් දවා ගත් 10 වැනි පන්දුවාරයේදීම නායක ඇන්ජලෝ පෙරේරාගේ කඩුල්ල දවා ගත් රමේෂ් කැන්ඩි පිල තවත් අසරණත්වයට ඇද දැම්මේය.

ආරම්භක පිතිකරුවා වූ කෙනාර් ලුවිස් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 10 කදී ලකුණු 17 ක් ලබා වේගවත් ආරම්භයක් ලබා ගත්තද නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේය. අනතුරුව ඩෙවෝන් ස්මිත්ව දවා ගත් ඉම්රාන් තහීර් කඩුලු දවා ගැනීමේදී ඈතට දිවයමින් දක්වනු ලබන සුපුරුදු ප්‍රීතිය කණ්ඩායමේ සාමාජිකයන් අතර බෙදා ගත්තේය.

 මැද පෙළ කඩා වැටුණු කැන්ඩි වොරියර්ස් වෙනුවෙන් පිටියට පිවිසි රොව්මන් පවලේ පන්දු 21 කදී වේගවත් ලකුණු 42 ක් රැස් කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දැඩි වෙහෙසක් ගත්තේය. දැවැන්ත හයේ පහර 4 කින් සහ හතරේ පහරකින් සමන්විත වුණු පවෙල්ගේ ඉනිම නොවන්නට කැන්ඩි වොරියර්ස්ට ලකුණු 150 සීමාව පසු කර යෑමද අවධානම් විය. නුවන් ප්‍රදීප් විසින් වේගය අඩාල කරමින් එවන ලද පන්දුවට මිඩ් විකට් කළාපයේ පන්දු රකි චාමික කරුනාරත්න වෙත ඇදී ගිය උඩ පන්දුවෙන් පවෙල්ගේ ඉනිම නිමාවට පත් විය.

තරගයේ කැපී පෙනෙනම උඩපන්දු රැකීම ලෙසින් ඉෂාන් ජයරත්න දවා ගැනීම වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දු රැක ගන්නා උඩ පන්දුව සටහන් විය. මිඩ් විකට කළාපය වෙත දිව එමින් අඩි 5 කට වඩා දුරක් ගුවනට පැන නුවනිඳු එම උඩ පන්දුව රැක ගන්නා අවස්ථාවේදී ඔහුගේ මුළු ශරීරය පොළෝ මට්ටමට වඩා අඩි 4 කට උඩින් පැවැතීම උඩ පන්දුවේ ආකර්ෂණීයත්වය වැඩි කරවන්නට හේතු විය. පන්දු යැවීමෙන් කැපී පෙනුණු රමේෂ් මෙන්ඩිස් ලකුණු 21 කට කඩුලු 3 ක්ද නුවන් ප්‍රදීප් ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත්හ.

දඹුල්ල පිල වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දුන් පිල් සෝල්ට් තරගාවලියේ පිතිකරුවකු වාර්තා කරන ලද දෙවැනි අර්ධ ශතකයට අද හිමිකම් කීවේය. සචිඳු කොළඹගේට එරෙහිව මිඩ් විකට් කළාපය ඉහළින් එල්ල කරන ලද හයේ පහරත් සමඟ සෝල්ට් මුහුණ දුන් 21 වැනි පන්දුවේදී අර්ධ ශතකය සනිටුහන් කර ගත්තේය. හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් ද ඇතුළත් වුණු සෝල්ට් ඉනිමේ දෙවැනි පිතිකරුවා ලෙසින් දැවී යද්දී පන්දු 27 කදී ලකුණු 64 ක් ලබා සිටියේය. කලකට පසු පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල ඔහුට අනගි සහායක් ලබා දෙමින් දැකුම් කළු අයුරින් පිටියේ සෑම අතටම පන්දුව යොමු කළේය. හතරේ පහර 6 කින් තම ඉනිම අලංකාර කරගත් වමත් පිතිකරුවා 23 වැනි පන්දුවේදී දැවී යන විට ලකුණු 37 ක් ලබා සිටියේය.

මැද පෙළින් වගකීම කරට ගත් නායක දසුන් පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමඟින් වේගවත් ලකුණු 24 ක් රැස් කරගත්තේය. මෙම තරගයේදී දඹුල්ල කණ්ඩායමට පහසුවෙන්ම ලකුණු 200 සීමාව ඉක්මවා යෑමට අවස්ථාව තිබූ නමුත්, මැද පෙළ පිතිකරුවන්ට පිටිය තුළ ස්ථාවර වීමට නොහැකිවීම නිසා එම අවස්ථාව අහිමිවිය. කෙසේ වෙතත් පසු පෙළින් පැමිණි රමේෂ් මෙන්ඩිස් අල් අමීන් හොසේන් යවන ලද අවසන් පන්දුවාරයේදී හයේ පහර 2 ක් එල්ල කිරීමට සමත්වීම නිසා ලකුණු 190 සීමාවට පැමිණිමට දඹුල්ල පිලට අවස්ථාව උදාවිය. නොදැවී සිටි පිතිකරුවකු ලෙසින් මෙන්ඩිස්ගේ ඉනිම සටහන් වද්දී ඔහුගේ නම ඉදිරියෙන් පන්දු 11 කදී ලකුණු 22 ක් සටහන්ව තිබිණ.

පන්දු යවන්නන් අතරින් ළහිරු කුමාර කැපී පෙනුණි. පන්දුවාර 4 ලකුණු 34 කට නවතාලූ වේග පන්දු යවන්නා කඩුලු 3 ක් දවා ගත්තේය. ඔහුට අමතරව අල් අමීන් හොසේන් ලකුණු 36 කට කඩුලු 2 ක් බිඳ හෙළීය. දැඩි ප්‍රහාරයකට ලක් වුණු දකුණත් දඟ පන්දු යවන සචිඳු කොළඹගේ කඩුල්ලක් දවා ගැනීමට සමත් වුවත් ඔහුගේ පන්දුවාර 4 දී ලකුණු 46 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ.

තරගයේ වීරයා – පිල් සෝල්ට්

ලකුණු සාරාංශය

දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 190 යි – (පිල් සෝල්ට් 64, නිරෝෂන් දික්වැල්ල 37, දසුන් ශානක 24, ෂොයෙබ් මක්සූද් 11, රමේෂ් මෙන්ඩිස් 22*, ළහිරු කුමාර 34/3, අමීන් හොසේන් 36/2, සචිඳු කොළඹගේ 46/1, රොව්මන් පවලේ 12/1)

කැන්ඩි වොරියර්ස් පන්දුවාර 20 කදී කඩුලු 8 කට ලකුණු 170 යි – (රොව්මන් පවෙල් 42, ඇන්ජලෝ පෙරේරා 24, කමිඳු මෙන්ඩිස් 17, ඉෂාන් ජයරත්න 18, සචිඳු කොළඹගේ 27*, කෙනාර් ලුවිස් 17, නුවන් ප්‍රදීප් 31/3, රමේෂ් මෙන්ඩිස් 21/3, ඉම්රාන් තහීර් 28/1, දසුන් ශානක 43/1)

Dhananjaya-de-Silva-960x639

කලම්බු ස්ටාර්ස් ජයග්‍රාහීව LPL ගමන අරඹයි

දෙවැනි වරට පැවැත්වෙන එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේ ජය වාර්තා කළ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම කලම්බු ස්ටාර්ස්ට එරෙහිව අද (06 දා) පැවැති තරගයෙන් කඩුලු 4ක පරාජයක් අත් වින්දේය. කලම්බු ස්ටාර්ස් ජයග්‍රහණය සඳහා ධනංජය ද සිල්වාගේ තුන් ඉරියව් දක්ෂතා බෙහෙවින් ඉවහල් වීය.

ආරම්භක පන්දු යවන්නා වශයෙන් කටයුතු කළ ධනංජය ද සිල්වා තම පන්දුවාර 4 ලකුණු 18 කට සීමා කළේ නිලකුණු පන්දු වාර 2 ක්ද සටහන් කර ගනිමිනි. ඒ අතරතුරදී ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂගේ කඩුලු දවා ගැනීමට සමත් වුණු ධනංජය, පන්දුවට පහර දෙමින් ලකුණු 24 ක්ද පන්දු රකිමින් උඩ පන්දු 2 ක්ද රැක ගනිමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූවේය.

නුවන් තුෂාරගේ පන්දුවකට දිනේෂ් චන්දිමාල් එල්ල කරන ලද කවර් ඩ්‍රයිව් පහරින් ලබා ගන්නා ලද ලකුණු 4 ත් සමඟ 18 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී කලම්බු ස්ටාර්ස් ජයග්‍රහණය සනාථ විය. බැලූ බැල්මට ඉලක්කය පහසු ලෙසින් පෙනුණත් ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ පන්දු යවන්නෝ ප්‍රතිවාදී පිලේ කඩුලු කඩුලු 6 ක් දවා ගැනීමට සමත්විය.

එම කඩුලු දවා ගැනීමේ මූලිකයා වූ නුවන් තුෂාර පළමුව පැතුම් නිස්සංකවද (01) අනතුරුව කුසල් පෙරේරාගේ (08) කඩුලු දවා ගනිමින් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට ජීවයක් එක් කළේය. ඒ අතුරතුරදී මොහොමඩ් හෆීස් විසින් ටොම් බැන්ටන්වද දවා ගනිමින් පීඩනය වැඩි කළේය. ඒ සමඟම හඹා යෑම තරමක් අසීරු බවක් පෙන්නුම් කළ නමුදු මැද පෙළින් පැමිණි ධනංජය ද සිල්වා (24), දිනේෂ් චන්දිමාල් (26) සහ ඩේවිඩ් වීස් (22) වැඩි කලබලයකින් තොරව කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

පස්වරුවේ තරගයක් පැවැත්වුණු හෙයින් තණතීරුව කඩතොලු වීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් කාසියේ වාසියත් සමඟ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම දෙවතාවක් නොසිත පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. එහෙත් ආරම්භයේ සිටම ආක්‍රමණකාරී පන්දු යැවීමක නිරත වුණු කලම්බු ස්ටාර්ස් පන්දු යවන්නෝ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම මුලු ලකුණු සංඛ්‍යාව 06 ක්ව තිබියදී නරඹන්නන් බවට පත් කිරීමට සමත්වූහ.

ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම මත තාවකාලික නායකයා ලෙසින් කටයුතු කරන ලද ධනංජය ද සිල්වා ස්ලිප් ස්ථානයේ සිට රැක ගන්නා ලද සුපිරි උඩ පන්දුව හමුවේ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේය. දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ මෙන්ඩිස් දැවී ගියේ එක් ලකුණක් ලබා සිටියදීය. විනය කඩ කිරීම නිසා මෙන්ඩිස් සමඟ තරග තහනමකට ලක්වූ අනෙක් ක්‍රීඩකයා වූ ධනුෂ්ක ගුණතිලක ගේ කඩුල්ල ධනංජය ද සිල්වා විසින් දවා ගනු ලැබුවේ ගෝල් ග්ලැඩියේටර් පිල තවත් අපහසුතාවයට පත් කරමිනි.

මැද පෙළින් පැමිණි බෙන් ඩන්ක් පමණක් පන්දු 25 කදී ලකුණු 38 ක් ලබා පිතිකරුවකු ලෙස හිස ඔසවද්දී සමිත් පටෙල් ලකුණු 14 ක් ලබා ගනිමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක සම්බන්ධතාවක් එක් කළේය. එහෙත් අකිල ධනංජය විසින් බෙන් ඩන්ක්වද ධනංජය ද සිල්වා විසින් භානුක රාජපක්ෂවද දවා ගනු ලැබුවේ මුලු ලකුණු සංඛ්‍යාව 69 රැදී තිබියදීය.

16 වැනි පන්දුවාරය වන විට 8 වැනි පිතිකරුවා ලෙසින් ළහිරු මදුශංකවද දවා ගැනීමට අකිල ධනංජය සමත්වීම නිසා විටෙක ගෝල් ග්ලැඩියේටර් පිලට ලකුණු 100 ඉක්මවා ලබා ගැනීම අවධානම් සහගත විය. එහෙත් විස්සයි-20 තරග අංශයෙහි ලබා ඇති සිය පරිණත භාවය මැනවින් ප්‍රයෝජනයට ගත් ඉසුරු උදාන ගෝල් ග්ලැඩියේටර් පිල ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ඒමේ වගකීම කරට ගත්තේය. එහිදී 10 වැනි පිතිකරුවා වූ නූර් අහමඩ් සමඟ එක්වූ උදාන ඉනිමේ අවසන් පන්දු 27 දී ලකුණු 39 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වමින් ගෝල් ග්ලැඩියේටර් ලකුණු පුවරුව ඉහළ දැමූහ. හයේ පහර 2 ක් ඇතුළත් වුණු උදාන ලබාගත් ලකුණු 25 සඳහා පන්දු 17 ක් පමණක් වැය කළේය. ඔහුට අනගි සහායක් ලබා දෙමින් ලකුණු රැස් කළ අහමඩ් ලකුණු 11 ක් ලබා ගත්තේ තම ඉනිම ද නොබිඳී පවත්වා ගනිමිනි.

තරගයේ වීරයා – ධනංජය ද සිල්වා

ලකුණු සාරාංශය

ගෝල් ග්ලැඩියේටර් පන්දුවාර 20 දී කඩුලු 8 ට ලකුණු 116 යි – (බෙන් ඩන්ක් 38, සමිට් පටෙල් 14, ඉසුරු උදාන 25*, ධනංජය ද සිල්වා 18/2, දුෂ්මන්ත චමීර 25/2, අකිල ධනංජය 19/2, සීකුගේ ප්‍රසන්න 17/1, ඩේවිඩ් වීස් 16/1)

කලම්බු ස්ටාර්ස් පන්දුවාර 17.3 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 117 යි – (දිනේෂ් චන්දිමාල් 26*, ඩේවිඩ් වීස් 22, ධනංජය ද සිල්වා 24, ටොම් බෙන්ටන් 10, ශෙර්ෆෙන් රදර්ෆර්ඩ් 10, නුවන් තුෂාර 26/2, පුලින තරංග 31/2, මොහොමඩ් හෆීස් 15/1, නූර් අහමඩ් 22/1)

a4opb-bexba

Phil Salt peppers 64 off 27 as Dambulla Giants down Kandy Warriors by 29 runs

Phil Salt peppered a breathtakingly 27-ball 67 showcased by 5 sixes in Dambulla Giants run triumph over Kandy Warriors in the second fixture of the Lanka Premier League on the second day of the mega tournament at the R. Premadasa Stadium today.


The England born 25-year old right-hand wicket-keeper set the tone in a pulsating 97-run partnership for the first wicket off 46 balls with Niroshan Dickwella (39).The six power play overs realised 74 with Salt’s contribution 39 and Dickwella 30. What would have been a magical three figure opening partnership went as under when Dickwella was caught trying to hit over mid on by Angelo Perera off Lahiru Kumara. He hit 5 fours and a six.Ramesh Mendis, who made an unbeaten 21 off 11 balls inclusive of 2 sixes and a boundary, came back to bamboozle Kandy Warriors to decimate the frontline. 


The 26-year old right arm off spinner struck double blows removing Kamindu Mendis for 17 and the Warriors skipper Angelo Perera for 24 in the space of three balls in the second and fourth deliveries of the 10th over to finish with figures of 3 for 21. Quickie Nuwan Pradeep chipped in with 3 for 31.


Dambulla Gladiators ran up 190 for 8 off 20 and had a tight rein over Kandy Warriors whose rear guard of Rovman Powell 42 off 21 with 4 sixes and a boundary and Sachindu Colombage 27 not out and Ishan Jayaratne 18 was not enough.Phil Salt had done enough to rub salt into the opposition for the Englishman with three career ODIs to take the Player of the Match award.

a64cm-vup2w

Colombo Stars make Galle Gladiators to see stars

Colombo Stars made Galle Gladiators to see stars in a 4-wicket dismantling in the third match of the Lanka Premier League 2021 on the second day of the Sri Lanka Cricket organised T20 showpiece tournament at the R. Premadasa Stadium on Monday. 

The architect of downsizing the winners of yesterday’s opening game versus Jaffna Stallions, was Dhananjaya de Silva who produced an all-round performance of  2 for 18 and scored a deceive 24 off 28 balls.  

Galle Gladiators big guns came apart against Colombo’s three-pronged pace-spin attack of Dushmantha Chameera 2 for 21, Dhananjaya de Silva 2 for 18 and Akila Dananjaya 2 for 19 that left them reeling on 45 for 4 wickets after the power play 6 overs. It took an unfinished  ninth-wicket partnership of 39 between Isuru Udana 25 off 17 laced with two over the top and Noor Ahamad, who made 11 to lift the side to 116 for 8 from the doldrums of 77 for 8 after 15.3. overs. Upfront Ben Dunk top scored for the Gladiators with 38 off 25 hitting 4 fours and 2 sixes.  

But it wouldn’t stop the Colombo Stars from hitting the winning board. Colombo Stars settled the issue reaching 117 for 6 off 17.3 overs with David Wiese, the South African born Namibia player22 off 16 smacking two sixes and Dinesh Chandimal coming out of a recent lean run with an unbeaten 26 containing 2 fours.