10 December, 2021
The eighth match of the Lanka Premier League between Dambulla Giants and Galle Gladiators was called off following incessant rain on Friday. Galle Gladiators scored 18/0 in 1.2 overs in reply to Dambulla Giants’ total of 159/7 before the match was abandoned. Both teams picked up one point each from the game.
The Dambulla Giants Captain Dasun Shanaka and Ramesh Mendis were the highlights of their team’s batting card. Shanaka played an innings of 37 runs from 32 balls, laced with 3 boundaries and 1 six, while Mendis notched 33 runs from 23 balls. He struck 2 boundaries and 1 six.
Left-arm chinaman Noor Ahmad was the pick of the bowlers for the Galle Gladiators with figures of 2/24 in his four overs. Nuwan Thushara also took two wickets for the Gladiators.
දඹුල්ල – ගාල්ල අතර තරගය වැස්සට යට වෙයි
දෙවැනි වරට ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ ප්‍රතිඵල රහිත වූ පළමු තරගය බවට දඹුල්ල ජයන්ට්ස් සහ ගෝල් ග්ලැඩියේටර් අතර තරගය පත්විය. එල්.පී.එල්. 2021 තරගාවලියේ 8 වැනි තරගය ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කර දමන විට ලකුණු 160 ක ඉලක්කයක් හඹා යමින් සිටි ගොල් ග්ලැඩියේටර් කණ්ඩායම පන්දුවාර 1යි පන්දු 2 ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 18 ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 159 ක් රැස් කර ගත්තේය. ආරම්භය තරමක් මන්ද ගාමී වුවත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් නායක දසුන් ශානක සහ රමේෂ් මෙන්ඩිස් එක්ව ගොඩ නංවන ලද ලකුණු 45 ක සම්බන්ධතාව නිසා සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට දඹුල්ල ජයන්ට්ස් අවස්ථාව උදාවිය.
දඹුල්ල පිලේ ලකුණු අතර සිටින ආරම්භක පිතිකරු පිල් සෝල්ට් ලකුණු 20 කදී දවා ගැනීමට නුවන් තුෂාර සමත්විය. අනතුරුව මුණවීරට (12) එක්වූ නිරෝෂන් දික්වැල්ල (30) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක් එක් කරමින් ඉනිම ගොඩ නැංවීමට සමත් වුවත් ලකුණු 18 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගැනීමට ගෝල් ග්ලැඩියේටර් පන්දු යවන්නන් සමත්වීම නිසා දඹුල්ල ඉනිමේ මැද භාගයේ ලකුණු රැස්කිරීම මන්දගාමී විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක දසුන් ශානක වන අතර ඔහු පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 37 ක් රැස් කළේය. වේගවත් ඉනිමක් දියත් කළ රමේෂ් මෙන්ඩිස් පන්දු 23 කදී ලකුණු 33 ක් රැස් කළේය. නොබිඳුණු ඉනිමක් බව ටපත්වූ රමේෂ් සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් වර්ණව්ත කර ගත්තේය. දසුන්ගේ නික්ම යෑමෙන් පසු පිටියට පිවිසි චාමික කරුණාරත්න පන්දු 5 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟ වේගව් ලකුණු 13 ක් රැස් කරමින් දඹුල්ල ඉනිම පෝෂණය කළේය.
පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු 2 ක් සහ නූර් අහමඩ් කඩුලු 2 ක් බිඳ හෙළද්දී සමිත් පටෙල්, ධනංජය ලක්ෂාන් සහ මොහොමඩ් හෆීස් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.
ලකුණු සාරාංශය
දඹුල්ල ජයන්ස්ට් පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 159 යි – (දසුන් ශානක 37, රමේෂ් මෙන්ඩිස් 33*, චාමික කරුණාරත්න 13, ඩිල්ෂාන් මුණවීර 12, නිරෝෂන් දික්වැල්ල 30, පිල් සෝල්ට් 20, නුවන් තුෂාර 24/2, නූර් අහමඩ් 24/1, ධනංය ලක්ෂාන් 40/1, මොහොමඩ් හෆීස් 18/1)
ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 1.2 කදී කිසිවකු නොදැවී ලකුණු 18 යි – (කුසල් මෙන්ඩිස් 15*, ධනුෂ්ක ගුණතිලක 03*)