untitled-14

‘කැන්ඩි වොරියර්ස්’ අවසන් 4 ට කිට්ටු කරයි

අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට නම් ජයග්‍රහණය අනිවාර්යය වූ 7 වැනි තරගයේදී දඹුල්ල ජයන්ට්ස් පිල කඩුලු 6 ක පරාජයකට ඇද දැමූ කැන්ඩි වොරියර්ස් ක්‍රීඩකයෝ දෙවැනි තරග වටය සඳහා තවදුරටත් බලාපොරොත්තු රඳවා තබා ගැනීමට අද (16 දා) රාත්‍රියේ සමත්වූහ. ඒ අනුව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබන්නේ කුමන කණ්ඩායමද යන්න පළමු වටයේ අවසන් තරගය ලෙසින් හෙට දිනයේ පැවැත්වීමට නියමිත කලම්බු ස්ටාර්ස් සහ කැන්ඩි වොරියර්ස් අතර තරගයේ තීරණය මත පදනම් වනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 131 ක ඉලක්කයක් හඹා යෑමේදී අනගි ඉනිමක් ක්‍රීඩා කළ රවී බොපාරා එල්ල කරන ලද හයේ පහරත් සමඟ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කැන්ඩි වොරියර්ස් ජයග්‍රහණය සනිටුහන් විය. පන්දු යැවීමේදී ඉම්රාන් තහීර් සහ රමේෂ් මෙන්ඩිස් සිය පන්දුවාර 8 ලකුණු 36 කදී සීමා කරමින් වොරියර්ස් පිලට දැඩි තර්ජනයක් ගෙන දුන්නත් ඉලක්කය අඩු අගයක් ගැනීම නිසා ප්‍රතිවාදීන්ගේ ගමන වළකාලීමට ඔවුන්ට නොහැකි විය.

සිය පරිණත භාවය මැනවින් ප්‍රයෝජනයට ගත් බොපාරා පන්දු 50 කදී ලකුණු 59 ක් ලබා ගනිමින් පෙරමුණ ගත්තේය. නායක ඇන්ජලෝ පෙරේරාට එක්වූ බොපාරා හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ද සමඟ  6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී රැස් කරන ලද ලකුණු 60 ක නොබිඳුණු සම්බන්ධතාවය වොරියර්ස් ජයග්‍රහණය පහසු කරවූයේය. ඒ වෙනුවෙන් ඇන්ජලෝ පෙරේරාගේ දායකත්වය පන්දු 22 කදී ලකුණු 29 ක් විය.

මෙතෙක් පැවැති තරග 18 දී කණතීරුවේ වැඩි දායකත්වයක් දඟ පන්දු යවන්නන්ට ලබා දුන්නත් ජයන්ට්ස් පිලේ දැවී ගිය කඩුලු 9 න් 7 ක්ම වේග පන්දු යවන්නන් විසින් දවා ගැනීම කැපී පෙනුණි. ඒ අතරට ඇතුළත් දසුන් ශානක ආබාධයක් හේතුවෙන් ලකුණු 4 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව ගියේය. කඩුලු 9 ක් බිඳ වැටී තිබියදීත් ඔහු නැවතත් පන්දුවට පහර දීමට නොපැමිණීම වොරියර්ස් පිලට දැඩි පාඩුවක් ගෙන දුන්නේය.

ආරම්භක පිතිකරුවන් වූ පිල් සෝල්ට් සහ නිරෝෂන් දික්වැල්ලගේ කඩුලු පළමුව දවා ගත් බිනුර 18 වැනි පන්දුවාරයේදී ජයන්ට්ස් පිලේ සචිත ජයතිලකගේ (34) කඩුල්ලද දවා ගනිමින් සිය පන්දුවාර 4 දී ලකුණු 22 කට සීමා කරමින් වැඩිම දක්ෂතාවය දැක්වූ පන්දු යවන්නා බවට පත්වූවේය. ඔහුට අමතරව අල් අමීන් හොසේන්ද ලකුණු 32 කට කඩුලු 3 ක් සහ මොහොමඩ් ශිරාස් එක් කඩුල්ලක්ද බිඳ හෙළූහ.

දසුන්ගේ නික්ම යෑමත් සමඟ නැවත නජිබුල්ලා සද්‍රාන් සහ චාමික කරුණාරත්නගේ කඩුලු දවා ගත් අල් අමීන් හොසේන් 11 වැනි පන්දුවාරය වන විට දඹුල්ල ලකුණු පුවරුව ලකුණු 56 කට කඩුලු 5 ක් ලෙස අසරණ කර දැම්මේය. කෙසේ වෙතත් සචිත ජයතිලකට එක් වූ රමේෂ් මෙන්ඩිස් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වීම නිසා දඹුල්ල පිළට යන්තම් හිස එසවීමට අවස්ථාව උදාවිය. 11 වැනි පන්දුවාරයේදී පිටියට පිවිසි රමේෂ් අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට දැවී යන තෙක්ම කඩුල්ලේ රැඳෙමින් වොරියර්ස් ලකුණු පුවරුව ලකුණු 130 ක් දක්වා ඉහළ දමා ගැනීමට දැඩි දායකත්වයක් ලබා දුන්නේය.

පන්දු 28 ට මුහුණ දුන් දකුණත් පිතිකරුවා ලකුණු 41 ක් රැස් කරගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඉනිමට ඇතුළත් කර ගනිමිනි. ඔහු සමඟ පන්දුවට පහර දුන් සචිත ජයතිලක පන්දු 40 කට මුහුණ දෙමින් ලකුණු 34 ක් ලබා ගත්තේය. පන්දු රැකීමේදීද වොරියර්ස් ක්‍රීඩකයින් ඉතා ඉහළ විශ්වාසයකින් යුතුව කටයුතු කළ අතර එහිදී කෙනාර් ලුවිස් සහ නායක ඇන්ජලෝ පෙරේරා රැක ගන්නා උඩ පන්දු විශීෂ්ඨ ක්‍රියාකාරකම් අතර කැපී පෙනුණි.

තරගයේ වීරයා –

ලකුණු සාරාංශය

දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 130 යි – (රමේෂ් මෙන්ඩිස් 41, සචිත ජයතිලක 34, නජිබුල්ලා සද්‍රාන් 14, නිරෝෂන් දික්වැල්ල 12, බිනුර ප්‍රනාන්දු 22/3, අල් අමීන් හොසේන් 32/3, ශිරාස් අහමඩ් 26/1, නිමේෂ් විමුක්ති 22/1)

කැන්ඩි වොරියර්ස් පන්දුවාර 19.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 135 යි – (රවී බොපාරා 59*, කෙනාර් ලුවිස් 27, ඇන්ජලෝ පෙරේරා 29*, ඉම්රාන් තහීර් 17/2, රමේෂ් මෙන්ඩිස් 19/2)

Tom-Kohler-Cadmore-L-2-960x640 (1)

‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

LPL තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ඉහළම ලකුණු සම්බන්ධතාව බවට පත් වුණු ටොම් කොලර්-කැඩ්මෝර් සහ උපුල් තරංග එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 110 ක සම්බන්ධතාව ප්‍රධාන කොට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව අද (16 දා) පස්වරුවේ පැවැති තරගයෙන් ලකුණු 102 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. එල්.පී.එල්. තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලද විශාලතම තරග ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයග්‍රහණයත් සමඟ අවසන් තරග වටයේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයට (Qualifier 1) හෙවත් පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට ද සුදුස්සන් බවට පත්වූවේය.

පන්දු 120 කදී ලකුණු 194 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ස්ටාර්ස් පිතිකරුවෝ ආරම්භයේ සිටම අපහසුතාවයකට පත්වූ බැවින් හඹා යෑමක නිරත වනු දක්නට නොලැබිණ. ඔවුන්ගේ වගකීම් විරහිත පිතිහරඹය ස්ටාර්ස් ඉනිම පන්දුවාර 15 කුත් පන්දු 5 කදී ලකුණු 91 කට සීමාවීමට හේතු විය. පන්දු යැවීමේදී ලකුණු 13 කට කඩුලු 4 ක් බිඳ හෙළූ වේග පන්දු යවන ජේඩ්න් සීල්ස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුට අමතරව යාපනය ප්‍රදේශය නියෝජනය කරමින් කිංග්ස් පිලට එකතුව සිටින විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 3 ක් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක් ද බිඳ දමමින් පන්දුවෙන් සහයෝගය ලබා දීම නිසා ස්ටාර්ස් පිතිකරුවන් අතරින් තිදෙනකු පමණක් ද්විත්ව ලකුණු සංඛ්‍යාවක් කරා ගියහ.

මෙම තරගය සඳහා ගිය තරගයේ වීරයා වුණු සීකුගේ ප්‍රසන්න ඇතුළු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ක්‍රීඩා නොකිරීම කැපී පෙනුණි. ක්‍රීඩා කළවුන් අතර ටොම් බැන්ටම් පමණක් ලකුණු 30 සීමාවට පැමිණියේය. ඉනිම ඇරැඹි ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්ගේ කඩුලු තීක්ෂණ ලබා ගනිද්දී ඉදිරි පෙළ පිතිකරුවන් වුණු කුසල් පෙරේරා, ටොම් බැන්ටන් සහ කීමා පෝල්ගේ කඩුලු වියස්කාන්ත් විසින් දවා ගත්තේය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් පිල වෙනුවෙන් ආරම්භක කඩුල්ලට ලකුණු 110 ක සම්බන්ධතාවක් පැවැත්වීමට උපුල් තරංග සහ ටොම් කොලර්-කැඩ්මෝර් සමත්වූහ. මෙය අවිෂ්ක ප්‍රනාන්දු සහ තිසර පෙරේරා එක්ව මෙතෙක් කඩුල්ලක් වෙනුවෙන් වාර්තාව තිබූ ලකුණු 105 ක සම්බන්ධතාව බිඳ දමන්නක් විය. පන්දු 70 කදී වාර්තා වුණු එම සම්බන්ධතාවයේදී පවර් ප්ලේ පන්දුවාර 6 දී ලකුණු 53 ක් රැස් කර ගැනීමට කැඩ්මෝර්-තරංග යුගල සමත්වූහ.

එම සම්බන්ධතාවයේදී කැඩ්මෝර්ගේ ඉනිම වේගවත් වූ අතර පන්දු 32 කදී සිය අර්ධ ශතකය ඉක්මවා ගියේය. ඊට හාත්පසින්ම වෙනස් මන්දගාමී වූ පිතිකරණ රටාවක නියැළි උපුල් තරංග  වැන්ඩර්සිගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 37 ක් ලබා සිටියේ පන්දු 33 කට මුහුණ දෙමිනි. අනතුරුව පිටියට පිවිසි නවක ක්‍රීඩකයකු වූ අශාන් රන්දික සමඟද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41 ක සම්බන්ධාවක් එක් කිරීමට කැඩ්මෝර් දායකත්වය දැක්වීය. පන්දු 21 ක් වැය වුණු එම සම්බන්ධතාවයේදී රන්දිකගේ දායකත්වය පන්දු 9 කදී ලකුණු 16 ක් විය.

නවීන් උල්හක් විසින් පන්දු 3 ක් ඇතුළතදී රන්දික සහ කැඩ්මෝර් පිටියෙන් ඉවත් කිරීමට සමත් වුවත් ස්ටාර්ස් පිලට කළ යුතු විනාශය සිදුකර තිබිණ. මුහුණ දුන් 55 වැනි පන්දුවේදී කැඩ්මෝර් දැවී යන විට දෙවැනි එල්.පී.එල්.තරගාවලියේ පිතිකරුවකු රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද තම නම ඉදිරියෙන් සනිටුහන් කර ගැනීමට කැඩ්මෝර් සමත්වූවේය. හයේ පහර 8 ක් සහ හතරේ පයහර 5 ක් ඇතුළත් වුණු කොලර්-කැඩ්මෝර් ලකුණු 92 ක් රැස් කර ගැනීමට සමත්විය. ඔහුට පෙර මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියේ ලකුණු 73 ක් රැස් කල කලම්බු ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස්ය.

මැද පෙළින් පැමිණි වනිඳු හසරංග රවී රාම්පෝල් විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේදී රැස් කරගන්නා ලද ලකුණු 16 ද කිංග්ස්පිල ලකුණු 200 සීමාවට ආසන්නයට රැගෙන ගියේය. හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වුණු හසරංග පන්දු 7 කදී ලකුණු 19 ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා – ටොම් කොලර්-කැඩ්මෝර්

ලකුණු සාරාංශය

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 193 යි – (ටොම් කොලර්-කැඩ්මෝර් 92, උපුල් තරංග 38, අශාන් රන්දික 16, ෂොයෙබ් මලික් 10, වනිඳු හසරංග 19*, නවීන් උල්හක් 27/3, ජෙෆ්රි වැන්ඩර්සි 33/1, දුෂ්මන්ත චමීර 39/1)

කලම්බු ස්ටාර්ස් පන්දුවාර 15.5 කදී සියලු දෙනා දැවී ලකුණු 91 යි – (ටොම් බැන්ටන් 30, ධනංජය ද සිල්වා 11, ඇන්ජලෝ මැතිව්ස් 10, රවී රාම්පෝල් 10*, ජේඩ්න් සීල්ස් 13/4, මහීෂ් තීක්ෂණ 25/2, විජයකාන්ත් වියස්කාන්ත් 32/3)

Ravi Bopara scores a half-century as Kandy Warriors defeat Dambulla Giants by 6 wickets

17 December, 2021

The Kandy Warriors recorded their second victory in the Lanka Premier League after defeating Dambulla Giants by 6 wickets on Thursday. After restricting the Giants to 130/9 in their 20 overs, the Kandy Warriors chased down their target in 19.2 overs.

Ravi Bopara played a fantastic innings of 59* runs from 50 balls, laced with 3 boundaries and 2 sixes. Opening batter Kennar Lewis and Angelo Perera chipped in with scores of 27 and 29* respectively. The Giants dismissed Charith Asalanka, Minod Bhanuka and Kamindu Mendis for not too many runs on the board, however, the 60-run partnership between Bopara and Perera ensured that the Warriors walked off the field as winners.

Earlier, the Dambulla Giants couldn’t find a way to get going with the bat as they kept losing wickets at regular intervals. Ramesh Mendis was the only highlight of Giants’ batting card with an innings of 41 runs from 28 balls. He struck 2 boundaries and 1 six during his innings. Binura Fernando and Al-Amin Hossain were the pick of the bowlers for the Warriors with figures of 3/22 and 3/32 respectively.