Dinesh-Chandimal-take-off-the-bells-1024x683

Colombo Stars beat Galle Gladiators by 41 runs

13 December, 2021

Angelo Mathews returned from an injury to lead Colombo Stars to a much-needed 41-run win over Galle Gladiators with a 57-ball 73 in Lanka Premier League 2021 match on Sunday at the R. Premadasa Stadium.
After electing to bat first, Colombo Stars captain Mathews opened the innings and helped his team in posting a solid total of 162/7 in the rain-curtailed 18-over match. He hit 8 boundaries and 3 sixes in his innings.
Colombo Stars innings was also bolstered by Dinesh Chandimal who made 36 off 14, smashing 4 fours and 2 sixes in his innings.


In reply, Galle Gladiators were bowled out for 121 in 16.5 overs with Stars pacer Naveen ul-Haq claiming 3 for 27, suffering their second successive defeat in two days. Kusal Mendis scored 64 runs in 39 balls, with 7 fours and a six in the chase. But he found no support from the remainder of the Galle Gladiators’ batting order.

Seekuge Prasanna, who took 2 for 23, and Ravi Rampaul, who picked 2 for 34, also contributed with the ball for Colombo Stars as they picked up only their second win of the season.

Dinesh-Chandimal-take-off-the-bells-960x640

මැතිව්ස්ගේ ආගමනයෙන් කලම්බු ස්ටාර්ස් හිස ඔසවයි

ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයත් දිනේෂ් චන්දිමාල්ගේ වේගවත් ඉනිමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය ලෙසින් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහි තරගයෙන් ලකුණු 41 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අද (12 දා) සමත්විය. ස්ටාර්ස් පිල මෙම ජය වාර්තා කරන ලැබුවේ අවසන් තරග 3 ම පරාජයට පත්වීමෙන් පසුව වීම කැපී පෙනෙයි.

කණ්ඩායමේ නිත්‍ය නායකයා වුවද ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් පළමු තරග 4 ම ක්‍රීඩා කිරීමේ වරම අහිමිවූ ඇන්ජලෝ මැතිව්ස් සහභාගිවූ පළමු තරගයේදීම පන්දු 57 කදී ලකුණු 73 ක් ලබා ගත්තේය. හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 කින් වර්ණවත් වුණු මැතිව්ස්ගේ ඉනිම මෙවර තරගාවලියේ පිතිකරුවකු වාර්තා කරන ලද ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සනිටුහන් විය.

පන්දු 104 කදී ලකුණු 163 ක ඉලක්කයක් හඹා යෑමේ අභියෝගයට මුහුණ දීම සඳහා පිටියට පිවිසි ග්ලැඩියේටර්පිලේ ආරම්භක පිතිකරුවන් අතරින් කුසල් මෙන්ඩිස් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන්ට අභියෝගයක් වන අයුරින් පිත්ත හැසිරවූවේය. ගුණතිලක ලකුණු 14 දී සීකුගේ ප්‍රසන්නගේ පන්දුවක් හමුවේ කඩුලු රැකි චන්දිමාල් අතට උඩ පන්දුවක් දී දැවී යද්දී සිය අන්තය රැක ගනිමින් කණ්ඩායම බේරා ගැනීමේ අසීරු කාර්යයක නියැළුණේය.

තරග තහනමින් පසු නැවතත් පිටියට අවතීර්ණව සිටින කුසල් මෙන්ඩිස්, මෙතෙක් තරගාවලියේ රැස් කරන ලද පළමු අර්ධ ශතකය පන්දු 28 කදී රැස් කොට ස්ථාවරත්වයක් ගොඩ නඟා ගනිද්දී හෆීස් හැරුණු කොට සෙසු එකම පිතිකරුවකු ඔහුට අවශ්‍ය සහයෝගය ලබා දීමට අපොහොසත් විය. කොයි මොහොතක හෝ පිතිකරුවන් අතින් වරදක් අපේක්ෂාවෙන් පන්දු යැවීමේ කාර්යය ඉටු කළ සීකුගේ ප්‍රසන්න හෆීස්ගේ කඩුල්ල දවා ගනිමින් දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 51 කට සීමා කළේය. එම කඩුල්ල දැවී යෑ‍මෙන් ලකුණු 33 ක් ඉනිමට එකතු වද්දී නම් දැරූ පිතිකරුවන් 6 දෙනාම දවා ගැනීමට ස්ටාර්ස් පන්දු යවන්නෝ සමත්වූහ. පන්දු 39 කදී ලකුණු 64 ක් රැස් කරගෙන සිටින කුසල් මෙන්ඩිස්ද ඒ අතර විය.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු නවීන් උල් හක් ලකුණු 27 කට කඩුලු 3 ක් බිඳ හෙළද්දී සීකුගේ ප්‍රසන්න සහ රවී රාම්පෝල් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ. නායක භානුක රාජපක්ෂගේ කඩුල්ල අශාන් ප්‍රියන්ජන් විසින්ද දවා ගත්තද එහි වැඩි ගෞරවය හිමිවිය යුත්තේ ස්ටම්ප් කිරීම සිදුකළ දිනේෂ් චන්දිමාල්ටය. පෙර තරගයේ කඩුලු රැකීමේ කාර්යය පැවරුණු සදීර සමරවික්‍රම වෙනුවට පැමිණි මොහොමඩ් ශමාස්ගේ කඩුල්ල දුෂ්මන්ත චමීරද දවා ගනිද්දී ඉසුරු උදානව දුවද්දී දවා ගැනීමට ටොම් බැන්ටන් සහ චන්දිමාල් සමත්වූහ.

ජාත්‍යන්තර තරග පිටියේ කිසි දිනෙක ආරම්භක පිතිකරුවකු ලෙසින් කටයුතු කොට නොමැති මැතිව්ස් අද තරගයේදී කලම්බු ස්ටාර්ස් වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමද කැපී පෙනුණි. අසාර්ථක කුසල් පෙරේරා වෙනුවෙන් මැතිව්ස් කණ්ඩායමට එක් වද්දී කඩුලු රැකීමේ අත් ආවරණ වල වගකීම දිනේෂ් චන්දිමාල් විසින් ඉටු කළේය.

වර්ෂාව හේතුවෙන් එක් පිලකට පන්දුවාර 18 බැගින් නියමිතව ඇරැඹි මෙම තරගයේදී කලම්බු ස්ටාර්ස් පිලේ ඉනිම ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම වටා ගොඩ නැගිණ. මැතිව්ස් සමඟ ඉනිම ඇරැඹි පැතුම් නිස්සංක දෙවැනි පන්දුවාරයේදීම දැවී ගිය අතර අංක 3 පිතිකරු ලෙසින් පැමිණි අශාන් ප්‍රියන්ජන් කලම්බු ස්ටාර්ස් ඉනිම ඉදිරියට රැගෙන ගියේය. පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 5 දී රැස් කරගනු ලැබුවේ ලකුණු 25 ක් පමණක් වුවත් කඩුලු අත තබාගෙන පන්දුවට පහර දීම නිසා ඉනිමේ අවසන් පන්දුවාර වලදී වැඩි වේගයකින් යුතුව ලකුණු රැස් කිරීමේ අවස්ථාව ස්ටාර්ස් පිල සතු විය.

ඉනිමේ කොඳු නාරටිය වූ මැත්ව්ස් 16 වැනි පන්දුවාරයේදී දැවී ගිය අතර ඉන් පසු තරගයේ යෂ්ඨිය අතට ගත් චන්දිමාල්, මැතිව්ස් ආරම්භ කළ ලකුණු රැස් කිරීම හමාර කළේ අවසන් පන්දු 12 දී ලකුණු 36 ක් රැස් කරමිනි. දඹුල්ල ජයන්ට්ස් එරෙහිව පැවැති අවසන් තරගයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චන්දිමාල් අද තරගයේදීද පන්දු 14 කදී වේගවත් ලකුණු 36 ක් රැස් කර ගත්තේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ චන්දිමාල්ගේ ඉනිම නිසා ග්ලැඩියේටර් ජයග්‍රහණය සඳහා පන්දුවාරයකදී රඳවා තබා ගත යුතු දළ වේගය ලකුණු 9 කට එහා අභියෝගයකට රැගෙන ගියේය. පිත්තෙන් දක්වන ලද දක්ෂතාවයට අමතරව කඩුලු රැකීමේ කාර්යයේ නියැළෙමින් ස්ටම්ප් කිරීමක්, දුවද්දී දවා ගැනීමක් සහ උඩපන්දුවක්ද රැක ගත් චන්දිමාල් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් සහ සමිට් පටෙල් සිය පන්දුවාර 4 ලකුණු 23 කට සීමා කරමින් යැවීමට සමත් වද්දී පටෙල් කඩුලු 2 ක් දවා ගනිමිනි ඉනිමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය. මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන සමිට් පටෙල්ගේ කඩුලු සංඛ්‍යාව තරග 5 කදී කඩුලු 11 ක් ලෙසින් සටහන්ව තිබේ.

තරගයේ වීරයා – දිනේෂ් චන්දිමාල්

ලකුණු සාරාංශය

කලම්බු ස්ටාර්ස් පන්දුවාර 18 කදී කඩුලු 7 කට ලකුණු 162 යි – (ඇන්ජලෝ මැතිව්ස් 73, දිනේෂ් චන්දිමාල් 36, අශාන් ප්‍රියන්ජන් 23, සමිට් පටෙල් 23/2, මොහොමඩ් අමීර් 23/1, ධනංජය ලක්ෂාන් 22/2, නූර් අහමඩ් 33/1, ඉසුරු උදාන 49/1)

ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 16.5 කදී සියලු දෙනා දැවී ලකුණු 121 යි – (කුසල් මෙන්ඩිස් 64, මොහොමඩ් හෆීස් 16, ධනුෂ්ක ගුණතිලක 14, සමිට් පටෙල් 11, නවීන් උල් හක් 27/3, සීකුගේ ප්‍රසන්න 23/2, රවී රාම්පෝල් 36/2, අශාන් ප්‍රියන්ජන් 10/1, දුෂ්මන්ත චමීර 15/1)

Tharindu-Ratnayake-(2)

Dambulla Giants defeat Colombo Stars by 1 run


Dambulla Giants defeated Colombo Stars by 1 run in the Lanka Premier League on Saturday. Batting first, Dambulla Giants posted a total of 138 for 9 in their 20 overs. Opening batsman Niroshan Dickwella top scored for Dambulla Giants with 30. Other contributors were Shoaib Maqsood with an innings of 24 runs from 22 balls and Phil Salt with an innings of 21 runs from 18 balls.

Jeffrey Vandersay and Ravi Rampaul were the pick of the bowlers for Colombo Stars with figures of 3/25 and 3/27. 

The Colombo Stars couldn’t find a way to get their chase going as they kept losing wickets at regular intervals. Dinesh Chandimal kept the Stars’ hopes alive with a brilliant innings of 65* runs from 40 balls, but he kept losing partners at the other end. Chandimal, who struck 4 boundaries and 3 sixes, took the game deep single-handedly and the Stars needed 6 runs from the last delivery. However, Chandimal only managed a boundary on the last delivery as the Stars fell short of their target. 

Tharindu Ratnayake was the pick of the bowlers for the Dambulla Giants with figures of 3/18.

Thisara-Perera-1-1024x681

Thisara Perera scores a half-century as Jaffna Kings defeat Colombo Stars by 93 runs

11 December, 2021

Skipper Thisara Perera played a brilliant innings of 57 runs from 23 balls as Jaffna Kings defeated Colombo Stars by 93 runs in the ninth fixture of the Lanka Premier League 2021 at the R. Premadasa Stadium on Friday.

The Jaffna Kings posted a huge total of 207/6 in 18 overs in the rain-curtailed match before they bowled out Colombo Stars for 114 in 15.5 overs. Maheesh Theekshana and Wahab Riaz were the pick of the bowlers with figures of 4/25 and 4/26 respectively.

Perera struck 5 sixes and 3 boundaries in his innings after Shoaib Malik set the platform with a compelling innings of 44 runs from 24 balls, laced with 2 sixes and 4 boundaries. Malik strung a partnership of 60 runs with Tom Kohler-Cadmore who smashed 40 off 21, and a 44-run partnership with Ashen Bandara, who made 42 off 30.

The comprehensive win took Jaffna Kings to the top of the points table with 6 points from 4 matches. 

Thisara-Perera-1-1024x681

තිසරගේ වේගවත් ප්‍රහාරයෙන් ජැෆ්නා එකට එයි

දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කියා සිටින තිසර පෙරේරා පන්දු 23 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 57 ක ඉනිම ප්‍රධාන කොට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු @ ක ජයක් අත්කර ගැනීමට ජැෆ්නා කිංග්ස් පිල අද (10 දා) සමත්විය. මෙය මෙවර තරගාවලියේ තරග 4 කට සහභාගිව සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වාර්තා කරන ලද තෙවැනි ජයග්‍රහණය ලෙසින්ද සනිටුහන් විය.

වර්ෂාව හේතුවෙන් එක් පිලකට පන්දුවාර 18 කට සීමාවූ තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ජැෆ්නා පිල කඩුලු 6 කට ලකුණු 208 ක ඉලක්කයක් ස්ටාර්ස් පිල හමුවේ තැබීය. එය හඹා යෑමේදී කලම්බු ස්ටාර්ස්ට පන්දුවාර 15.5 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 114 ක් පමණි. එම ජයග්‍රහණයත් සමඟ ජැෆ්නා පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ සිටියි.  

ලකුණු හඹා යෑමේදී පළමු පන්දුවෙන්ම කුසල් පෙරේරාව දවා ගත් මහීෂ් තීක්ෂණ තරග ආරම්භයට උද්‍යෝගයක් ලබා දුන්නේය. එතැනින් නොනැවතුණු මහීෂ් යළිත් තෙවැනි පන්දුවාරයේදී ටොම් බැන්ටන්ව දවා ගනිමින් තවත් පීඩනය තර කළේය. මහීෂ් සමඟ කරට කර පන්දු යැවීමක නිරත වූ වහාබ් රියාස් ද කඩුලු දවා ගැනීමේ සංදර්ශනයට එක් වෙමින් ස්ටාර් පිලට දැඩි අභියෝගක් ගෙන දුන්නේය. මෙම තත්ත්වය ප්‍රධාන කොට පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 අවසන් වන විට ස්ටාර්ස් පිලේ ලකුණු පුවරුව ලකුණු 32 කට කඩුලු 5 ක් ලෙසින් සටහන් විය.

එහෙත් 6 වැනි කඩුල්ලට එක්වූ අශාන් ප්‍රියන්ජන් සහ දිනේෂ් චන්දිමාල් ජයග්‍රහණය පසෙකලා ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා කණ්ඩායම රැගෙන ගියේ ලකුණු 65 ක සම්බන්ධතාවක් පවත්වමින්. පන්දුවෙන් පන්දුව දැඩි අභියෝගයක් ගෙන දෙමින් පන්දු යැවූ ජැෆ්නා පන්දු යවන්නන් අතරින් තීක්ෂණ සහ රියාස් කඩුලු 4 බැගින් බිඳ හෙළූහ. පන්දුවාර 4 ම ක්‍රියාත්මක කළ දකුණත් සහ වමත් පන්දු යවන්නන් දෙපළ පිළිවෙළින් ලකුණු 23 සහ 26 බැගින් ලබා දුන්හ. අද තරගයේදී දවා ගන්නා ලද කඩුලු 4 ත් සමඟ මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණීමට තීක්ෂණ සමත්ව සිටියි. මෙතෙක්තරග 4 කදී තීක්ෂණ දවා ගෙන සිටින කඩුලු සංඛ්‍යාව 8 කි.  

මෙවර තරගාවලියේ අර්ධ ශතක 2 ක් වාර්තා කරන ලද දෙවැනි පිතිකරුවා බවට පත්වූ තිසර පෙරේරා රැස් කරන ලද අර්ධ ශතකයද සමඟ ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනාගෙන් සිව් දෙනෙකුම ලකුණු 40 සීමාව ඉක්මවාලමින් ලකුණු රැස් කළහ. හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් ද ඇතුළත් තිසරගේ ඉනිමට අමතරව ටොම් කොලර්-කැඩ්මෝර් (40, ෂොයෙබ් මලික් (44), සහ අෂේන් බණ්ඩාර (42) එම පිතිකරුවෝ වූහ. මේ අතරින් අෂේන් බණ්ඩාරගේ පමණක් ප්‍රහාරාත්මක වේගය ලකුණු 140 ක් බවට පත් වද්දී සෙසු තිදෙනාගේම ප්‍රහාරාත්මක අගය 183 ඉක්මවා ගියහ. එහිදී කොලර්-කැඩ්මෝර් 190.47 ක්, ෂොයෙබ් මලික් 183.33 ක් සහ තිසර පෙරේරා 247.82 ක් වශයෙන් රඳවා ගනිමින් ලකුණු රැස් කළහ.

මෙම සුවිශේෂී පිතිහරඹය ප්‍රධාන කොට ජැෆ්නා කිංග්ස් රැස් කරන ලද ලකුණු 207 දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව සේම එල්.පී.එල්. තරග ඉතිහාසයේ සිව්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව සම කරවන්නක් විය. මෙතෙක් තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන 219, ජැෆ්නා, කැන්ඩි කණ්ඩායම් සතුව පවතිද්දී  ලකුණු 218 ක් රැස් කරන ලද ජැෆ්නා කණ්ඩායම තෙවැනි ස්ථානයේ පසුවේ. අද රැස් කරන ලද ලකුණු සංඛ්‍යාවේ ඇති සුවිශේෂීතාව වන්නේ එය පන්දුවාර 18 ක තරගයක් ලෙසින් පැවැතීම වේ.

පන්දු යවන්නන් ගත් විට දුෂ්මන්ත චමීර, කීමා පෝල් සහ තික්ෂිල ද සිල්වාට තිසර ඇතුළු ප්‍රතිවාදී පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය පාලනය කිරීමට අපොහොසත් වද්දී සීක්කුගේ ප්‍රසන්න පමණක් තම පන්දුවාර 4 ලකුණු 31 කට සීමා කොට කඩුලු 3 ක් දවා ගත්තේය. වැඩිම ප්‍රහාරයකට ලක් වූයේ දුෂ්මන්ත චමීරය. පළමු පන්දුවාර 2 ලකුණු 12 කට සීමා කරමින් එක් කඩුල්ලක් දවාගැනීමට සමත්ව සිටි චමීර ක්‍රියාත්මක කරන ලද 16 වැනි පන්දුවාරයේදී අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ තිසර පෙරේරා හයේ පහර 3 ක් සහ හතරේ පහරක්ද සමඟින් ලකුණු 23 ක් උදුරා ගත්තේය. ඉන් නොනැවතුණු තිසර සහ චතුරංග ද සිල්වා අවසන් පන්දුවාරයේදී ද තවත් ලකුණු 20 ක් උදුරා ගත්තේ චමීගේ පන්දු යැවීම පන්දුවාර 4 කට ලකුණු 54 ක් තරම් දරුණු ප්‍රහාරයකට ලක්කරමිනි.

තරගයේ වීරයා – තිසර පෙරේරා

ලකුණු සාරාංශය

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 18 කදී කඩුලු 6 ට ලකුණු 207 යි – (තිසර පෙරේරා 57*, ෂොයෙබ් මලික් 44, ටොම් කොලර්-කැඩ්මෝර් 40, අෂේන් බණ්ඩාර 42, සීක්කුගේ ප්‍රසන්න 31/3,අශාන් ප්‍රියන්ජන් 23/1, නවීන් උල් හක් 36/1, දුෂ්මන්ත චමීර 54/1)කලම්බු ස්ටාර්ස් පන්දුවාර 15.5 කදී සියලු දෙනා දැවී ලකුණු 114 යි (අශාන් ප්‍රියන්ජන් 35, ටොම් බැන්ටන් 18, ශෙර්ෆන් රදර්ෆර්ඩ් 10, දිනේෂ් චන්දිමාල් 28, මහීෂ් තීක්ෂණ 25/4, වහාබ් රියාස් 26/4, වනිඳු හසරංග 17/2)

Niroshan-Dickwella-L-Danushka-Gunathilaka-2nd-L-and-Kusal-Mendis-R-1024x684

Rain forces Galle Gladiators vs Dambulla Giants match to be called off

10 December, 2021
The eighth match of the Lanka Premier League between Dambulla Giants and Galle Gladiators was called off following incessant rain on Friday. Galle Gladiators scored 18/0 in 1.2 overs in reply to Dambulla Giants’ total of 159/7 before the match was abandoned. Both teams picked up one point each from the game.
The Dambulla Giants Captain Dasun Shanaka and Ramesh Mendis were the highlights of their team’s batting card. Shanaka played an innings of 37 runs from 32 balls, laced with 3 boundaries and 1 six, while Mendis notched 33 runs from 23 balls. He struck 2 boundaries and 1 six.
Left-arm chinaman Noor Ahmad was the pick of the bowlers for the Galle Gladiators with figures of 2/24 in his four overs. Nuwan Thushara also took two wickets for the Gladiators.