Avishka-Fernando-2-960x640

අවිෂ්කගේ ශතකයෙන් ‘ජැෆ්නා කිංග්ස්’ අවසන් සටනට

දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ ශතකයක් ලද පළමු පිතිකරුවා බවට අවිෂ්ක ප්‍රනාන්දු පත්වීමත්, එම ඉනිම ප්‍රධාන කොට එල්.පී.එල්. තරග ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ඉහළම කඩුල්ලේ සම්බන්ධතාවත් හේතුවෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහිව පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් ලකුණු 23 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ අද (21 දා) රාත්‍රියේදී සමත්වූහ. එම ජයග්‍රයණයත් සමඟ පළමු එල්.පී.එල්. තරගාවලියේ කාබන් කොපියක් බඳු දෙසැම්බර් මස 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් 2021 ශූරතා කුසලාන වෙනුවෙන් උරෙනුර ගැටෙනු ඇත.

ප්‍රතිවාදී නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 211 ක අභියෝගයක් දඹුල්ල ජයන්ට්ස් පිල හමුවේ තැබූ අතර එය හඹා යෑමේදී නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 187 ක් පමණි.

වැඩිම ලකුණු ලාභියා වූයේ චාමික කරුණාරත්න වූ අතර ඔහු පන්දු 47 කදී වේගවත් ලකුණු 75 ක් ලබා ගත්තේය. සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු දායකත්වය නොමැතිවීම නිසා චාමිකගේ ඉනිමද පරාජයේ පරතරය අඩු කිරීම හැර වෙනත් බලපෑමක් සිදු නොකළේය. මෙය චාමිකගේ විස්සයි-20 තරග දිවියේ පළමු අර්ධ ශතකය ලෙසින් සටහන්වීම කැපී පෙනෙයි. ආරම්භයේදී තරමක් පීඩනයකින් යුතුව පන්දුවට පහර දුන් චාමික මුහුණ දුන් 31 වැනි පන්දුවේදීත් රැස් කරගෙන සිටියේ ලකුණු 31 ක් පමණි. එහෙත් එතැන් පටන් තිසර පෙරේරාට එරෙහිව පිට පිට හතරේ පහර 3 ක්, හයේ පහරක්, ලකුණු 2 ක් සහ ලකුණක් වශයෙන් ලකුණු 21 ක් රැස් කර ගැනීමට චාමික සමත්වීම නිසා අර්ධ ශතකය පන්දු 5 ක් ඇතුළත රැස් කර ගැනීමට සමත් වූවේය. මෙය දඹුල්ල පිතිකරුවකු මෙවර තරග වාරයේ වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වූ අතර මීට පෙර පිල් සෝල්ට් (62) ඉහළම ලකුණු ලාභියා බවට පත්ව සිටියේය.

පන්දු 21 කදී ලකුණු 39 ක් රැස් කරමින් වේගවත් ආරම්භයක් ලබා ගැනීමට දඹුල්ල පිතිකරුවන් සමත් වුවත් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟ පන්දු 11 කදී ලකුණු 22 ක් ලබාගෙන සිටි පිල් සෝල්ට්ව පළමු කඩුල්ල ලෙස සුරංග ලක්මාල් විසින් දවා ගත්තේය. දසුන් ශානකගේ සේවය අද තරගයට අහිමිවූ තරගයේදී ඉදිරි පෙළ පිතිකරුවන්ට ලකුණු අතර පැමිණීමට නොහැකි වීමත්, ඉලක්කය විශාල වීමත් නිසා මැද පෙළ පිතිකරුවන්ට පීඩනය එන්න එන්නම වැඩි වන්නට විය. ඒ අතරින් සාර්ථක ඵල නෙළා ගත් මහීෂ් තීක්ෂණ, ජේඩ්න් සීල්ස් සහ තිසර පෙරේරා දඹුල්ල පිලේ මුල් කඩුලු 8 දැවී යන විට කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත්වූහ.

ජැෆ්නා කිංග්ස් පිල රැස් කර ගන්නා ලද ලකුණු 210 න් ලකුණු 170 ක්ම ආරම්භක පිතිකරුවන් වූ අවිෂ්ක ප්‍රනාන්දු සහ රාමනුල්ලා ගුර්බාස්ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු විය. අතිරේක ලකුණු 8 ක්ද හිමිවූ එම ඉනිමේදී සෙසු පිතිකරුවන්ගේ දායකත්වය ලකුණු 33 කි. මෙම ඉනිම ක්‍රියාත්මක වීමේදී දඹුල්ල කණ්ඩායමේ පන්දු රැකීම මෙන්ම පන්දු යැවීමේදී වූ දුර්වල පන්දු මෙතරම් ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට පාදක විය.

මුහුණ දුන් 40 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කරගත් අවිෂ්ක එම ඉනිම මෙවර තරගාවලියේ පිතිකරුවකු ලද පළමු ශතකය බවට පරිවර්තනය කර ගැනීම සඳහා රැස් කර ගන්නා ලද ලකුණු 50 ලබා ගැනීම සඳහා වැය කරන ලද්දේ පන්දු 24 ක් පමණි. අවසන් පන්දුවාරයේදී  ශතකය සම්පූර්ණ කර ගැනීමත් සමඟ එල්.පී.එල්. තරග ඉතිහාසයේ ශතකයක් වාර්තා කරන ලද පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා මෙන්ම එල්.පී.එල්. තරග ඉතිහාසයේ එවැනි දස්කමක් කළ දෙවැනි පිතිකරුවා බවට පත්වීමටද අවිෂ්ක ප්‍රනාන්දු අත්විය. පන්දු 64 කදී වාර්තා වුණු අවිෂ්කගේ ලකුණු 100 ක ඉනිමෙන් ලකුණු 64 ක්ම හයේ (6×4) සහ හතරේ පහර (4×10) වලින් රැස් කරන ලද ලකුණු විය.

ශතක ලාභී අවිෂ්කට වඩා ප්‍රවේගකාරී වූ ගුර්බාස්, මුහුණ දුන් 28 වැනිදුවේදී අර්ධ ශතකය සපුරා ගත්තේය. ඒ වන විටත් හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් කරගත් කඩුලු රකින දකුණත් පිතිකරුවා එල්.පී.එල්. ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වැඩිම ලකුණු සම්බන්ධතාවය ලෙසින් වාර්තා වුණු ලකුණු 122 න් ලකුණු 70 කටම හිමිකම් කීවේය. මොවුන් දෙදෙනා විසින් අද බිඳ දමන ලද්දේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක එක්ව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමටඑ එරෙහිව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 121 ක සම්බන්ධතාව විය. එය මෙවර තරග වාරයේ ඉහළම ලකුණු සම්බන්ධතාව ලෙසින් සනිටුහන් විය. චාමික කරුණාරත්නගේ පන්දුවකට පිල් සෝල්ට් උඩ පන්දුවක් රැක ගැනීම නිසා ගුර්බාස්ගේ ඉනිම නිමා වන විට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ද සමඟ පන්දු 40 කට මුහුණ දී තිබුණි.

තරගයේ වීරයා – අවිෂ්ක ප්‍රනාන්දු

ලකුණු සාරාංශය

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 210 යි – (අවිෂ්ක ප්‍රනාන්දු 100, රාමනුල්ලා ගුර්බාස් 70, ටොම් කොලර්-කැඩ්මෝර් 15, තිසර පෙරේරා 11*, ළහිරු සමරකෝන් 30/2, මර්චන් ඩි ලැන්ග් 47/1)

දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 187 යි – (පිල් සෝල්ට් 22, නිරෝෂන් දික්වැල්ල 18, සඳුන් වීරක්කොඩි 12, නජිබුල්ලා සද්‍රාන් 21, චාමික කරුණාරත්න 75, ජේඩ්න් සීල්ස් 24/3, තිසර පෙරේරා 50/2, මහීෂ් තීක්ෂණ 23/2, වනිඳු හසරංග 32/1, සුරංග ලක්මාල් 25/1)

Janith-Liyanage-L-and-Najibullah-Zadran-R-960x640

කලම්බු පරදා දඹුල්ල ඉදිරියට

උඩ පන්දු අතහැරීම්, දුවද්දී දවා ගැනීම් ගිලිහීම් මෙන්ම පිතිකරණ අනුපිළිවෙළේ වූ අස්ථාවර භාවයන් සියල්ලම කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ඉදිරි ගමනට බාධාවන් බවට පත්වද්දී ඒ සියල්ල සිය වාසීන් බවට හරවා ගත් දඹුල්ල ජයන්ට්ස් ක්‍රීඩකයෝ තරගාවලියේ ඉදිරි ගමන සඳහා තීරණාත්මක වුණු ‘එලිමිනේටර්’ තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට අද (19 දා) රාත්‍රියේදී සමත්වූහ. එම ජයග්‍රහණයත් සමඟ ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත සුදුසුකම් ලැබීමේ තරග වටයේ දෙවැනි තරගය සඳහා දඹුල්ල ජයන්ට්ස් පිල සුදුසුකම් ලබා ගත් අතර පරාජිත කලම්බු ස්ටාර්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවිය.

ලකුණු 146 ක ඉලක්කයක් හඹා යෑමේදී පළමු පන්දුවෙන්ම නිරෝෂන් දික්වැල්ලව දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා දීමට දුෂ්මන්ත චමීර සමත් වද්දී ජයග්‍රහණය සඳහා තීරණාත්මක ඉනිමක් ක්‍රීඩා කරන ලද පිල් සෝල්ට් ලබා දුන් උඩ පන්දුව මිඩ් ඕන් හි පන්දු රැකි දිනේෂ් චන්දිමාල් අතින් ගිලිහී නොයන්නට තරගය මීට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇත.

ලකුණු 03 දී අහිමිවන්නට ගිය ඉනිම, උඩ පන්දු ගිලිහී යෑමෙන් වරම් ලබා ගත් දකුණත් පිතිකරුවා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ජනිත් ලියනගේ සමඟ එක්ව වටිනා ලකුණු 48 ක් එක් කළහ. පන්දු 33 කදී වාර්තා වුණු එම සම්බන්ධතාවයේදී සෝල්ට්ගේ දායකත්වය පන්දු 21 කදී ලකුණු 32 කි. හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් සෝල්ට්ගේ ඉනිමේදී ලකුණු 31 ක් ලබා සිටියදී කුසල් පෙරේරා වෙත ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් ලබා දුන් නමුත් එයද ගිලිහී ගියේය.

මෙවර තරගාවලියේ හොඳම සොයා ගැනීම බවට පත්ව සිටින ජනිත් ලියනගේ ලකුණු 146 ක ඉලක්කය හඹා යෑමේ නියමුවා වූයේ පන්දු 47 කදී නොදැවී ලකුණු 56 ක් ලබාගනිමිනි. එතරම් කලබලයක් නොපෙන්වූ දකුණත් පිතිකරුවා අවශ්‍ය වේගය රඳවා ගත්තේ හතරේ පහර 5 කින් ඉනිම සරසා ගනිමිනි.

නජිබුල්ලා සද්‍රාන් ට එක්වූ ජනිත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ තවත් පන්දු 7 ක් ඉතිරිව තබා ගනිමිනි. ජයග්‍රහණයට වැදගත් දායකත්වයක් ලබා දුන් සද්‍රාන් පන්දු 28 කදී ලකුණු 34 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර අද දිනයේදී පැයට කිලෝ මීටර 150 කට වඩා වේගයෙන් (150.3) පන්දුවක් යැවීම කැපී පෙනුණි. ප්‍රධාන වේග පන්දු යවන්නා සිය පන්දුවාර 4 ලකුණු 24 කට සීමා කරමින් කඩුල්ලක් දවා ගනිද්දී දඟ පන්දු යවන්නන් ලෙසින් ක්‍රීඩා කළ සීකුගේ ප්‍රසන්න සහ ජෙෆ්රි වැන්ඩර්සිට පන්දු යැවීමෙන් එතරම්ම අභියෝගයක් එල්ල කිරීමට නොහැකිවීම ස්ටාර්ස් පරාජයට තවත් හේතුවක් වන්නට විය.

ආරම්භයේ සිටම ඉතාමත් විශ්වාසයකින් යුතුව පන්දු යැවූ නුවන් ප්‍රදීප් සහ ජොෂ් ලිට්ල් පවර් ප්ලේ පන්දුවාර 6 න් 5 ක්ම යවමින් ප්‍රතිවාදීන්ට රැස් කර ගැනීමට අවස්ථාව ලබා දී තිබුණේ ලකුණු 24 ක් පමණි. ඒ අතරතුරදී කුසල් පෙරේරාගේ කඩුල්ල දවා ගැනීමට නුවන් ප්‍රදීප් සමත්විය. එම උඩ පන්දුව රැක ගත් චාමික කරුණාරත්න තරමක ආවේගශීලීත්වයක් පෙන්නුම් කිරීම කැපී පෙනුණු අතර ඒ පිළිබඳව දැවී ගිය කුසල් විනිසුරුවන්ට පැමිණිලි කිරීමද එම ඉනිම ආරම්භයේ කැපී පෙනුණු සිදුවීමක් විය.

කඩා වැටුණු ස්ටාර්ස් ඉනිම නඟා සිටුවීමේදී තෙවැනි කඩුල්ලට එක්වු ධනංජය ද සිල්වා සමඟ එක්වූ පැතුම් නිස්සංක පන්දු 25 කදී ලකුණු  42 ක්ද ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 28 ක් රැස් කිරීමට සමත්වූහ. ආරම්භය බිඳ වැටුණු ස්ටාර්ස් ඉනිමේ පළමු ලකුණු 50 එම ඉනිමේ 49 වැනි පන්දුවේදී සනිටුහන් වද්දී 100 වැනි ලකුණු 16 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව තෙක්ම ප්‍රමාදවිණ.

ඉතා හොඳින් සිය වගකීම ඉටු කළ ඉම්රාන් තහීර් සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින් දවා ගත් අතර ඔවුන්ගේ ලකුණු ලබා දීමද පන්දුවාරයකට 6.25 ට අඩුවෙන් තබා ගත්හ. කඩුලු දවා ගැනීමට නොහැකි වුවත් ජොෂ් ලිට්ල් සිය පන්දුවාර 4 ලකුණු 24 කදී සීමා කරමින් ප්‍රතිවාදී පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය. ස්ටාර්ස් පිලේ පිතිකරුවන් රැසක්ම දකුණත් වූවන් බැවින් දඹුල්ල පිලේ ප්‍රධානම දඟ පන්දු යවන්නා වන රමේෂ් මෙන්ඩිස් එකම පන්දුවාරයක් හෝ යැවීම කැපී පෙනණ.

ඇන්ජලෝ මැතිව්ස් විසින් එල්ල කරන ලද හයේ පහරත් සමඟ ලකුණු 100 සීමාව ඉක්මවා ගිය ස්ටාර්ස් කණ්ඩායමේ ඉතිරි ලකුණු 45 රැස් කිරීම පන්දු 26 කදී සිදුවිය. ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළ නායක මැතිව්ස් අවසන් වනතෙක්ම කඩුල්ලේ රැඳෙමින් පන්දු 34 කදී ලකුණු 50 ක් රැස් කර ගත්තේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වුණු මැතිව්ස්ගේ ඉනිමට අමතරව අවසන් පන්දු 3 ට මුහුණ දීමට පැමිණි ඇෆ්ගනිස්තාන ක්‍රීඩක කරීම් සමිට් හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් පන්දු 3 කදී ලකුණු 11 ක් රැස් කරමින් ලකුණු පුවරුව ඉහළ දැමීය.

තරගාවලියේ වැඩිම ප්‍රහාරාත්මක වේගයක් සනිටුහන් කර ගැනීමට සමත්ව සිටින පිතිකරුවන් දෙදෙනා අතර පසුවන දිනේෂ් චන්දිමාල්ට පෙර සීකුගේ ප්‍රසන්නව පන්දුවට පහර දීමට එවුවද කලමනාකාරීත්වය බලාපොරොත්තු වූ වේගය ප්‍රසන්නට ලබාදීමට නොහැකි විය. පන්දු 11 කට මුහුණ දුන් ප්‍රසන්න රැස් කරගත්තේ ලකුණු 7 ක් පමණි.

තරගයේ වීරයා – ජනිත් ලියනගේ

ලකුණු සාරාංශය

කලම්බු ස්ටාර්ස් පන්දුවාර 20 කදී කඩුලු 6 කට ලකුණු 145 යි – (ඇන්ජලෝ මැතිව්ස් 50*, පැතුම් නිස්සංක 42, ටොම් බැන්ටම් 13, ධනංජය ද සිල්වා 15, කරීම් ජනට් 11*, නුවන් ප්‍රදීප් 23/2, ඉම්රාන් තහීර් 25/2, චාමික කරුණාරත්න 31/1)
දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 18.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 146 යි – (ජනිත් ලියනගේ 56*, නජිබුල්ලා සද්‍රාන් 34, පිල් සෝල්ට් 32, සඳුන් වීරක්කොඩි 10, චාමික කරුණාරත්න 10*, දුෂ්මන්ත චමීර 24/1, නවීන් උල්හක් 26/1, සීකුගේ ප්‍රසන්න 36/1, ජෙෆ්රි වැන්ඩර්සි 34/1)

Janith Liyanage (1)

Dambulla Giants defeat Colombo Stars by 6 wickets in Eliminator

The Dambulla Giants kept their title hopes alive after defeating Colombo Stars by 6 wickets in the Eliminator match of the Lanka Premier League on Sunday. The Giants will take on the losing team of the Qualifier 1 match between Jaffna Kings and Galle Gladiators in Qualifier 2 on Monday. After restricting the Stars to 145/6 in their 20 overs, the Giants chased down their target in 18.5 overs.

Dushmantha Chameera got the Stars off to a great start with the ball by dismissing Niroshan Dickwella on the very first ball of the Dambulla Giants’ innings. The Stars stayed in the game by taking the wicket of Sandun Weerakkody in the fourth over, reducing the Giants to 20/2. However, Philip Salt, Janith Liyanage and Najibullah Zadran chipped in with scores of 32, 56* and 34 respectively and ensured that the Giants walked off the ground as winners of the match.

Janith Liyanage played a brilliant innings of 56* runs from 47 balls and strung crucial partnerships with Salt and Zadran. Liyanage struck 5 boundaries during his innings.

Earlier, Captain Angelo Mathews’ magnificent innings of 50 runs from 34 balls, laced with 4 boundaries and 2 sixes helped the Colombo Stars put up a fighting total on the board. Pathum Nissanka also chipped in with an innings of 42 runs from 39 balls. He struck 4 boundaries during his innings.

Nuwan Pradeep set the tone with the ball for the Dambulla Giants by taking the wicket of Kusal Perera in the second over. Thereafter, the Stars couldn’t string partnerships and kept losing wicket at regular intervals. Nuwan Pradeep and Imran Tahir were the pick of the bowlers for the Giants with figures of 2/23 and 2/25 respectively. 

Ravi Bopara scores a half-century as Kandy Warriors defeat Dambulla Giants by 6 wickets

17 December, 2021

The Kandy Warriors recorded their second victory in the Lanka Premier League after defeating Dambulla Giants by 6 wickets on Thursday. After restricting the Giants to 130/9 in their 20 overs, the Kandy Warriors chased down their target in 19.2 overs.

Ravi Bopara played a fantastic innings of 59* runs from 50 balls, laced with 3 boundaries and 2 sixes. Opening batter Kennar Lewis and Angelo Perera chipped in with scores of 27 and 29* respectively. The Giants dismissed Charith Asalanka, Minod Bhanuka and Kamindu Mendis for not too many runs on the board, however, the 60-run partnership between Bopara and Perera ensured that the Warriors walked off the field as winners.

Earlier, the Dambulla Giants couldn’t find a way to get going with the bat as they kept losing wickets at regular intervals. Ramesh Mendis was the only highlight of Giants’ batting card with an innings of 41 runs from 28 balls. He struck 2 boundaries and 1 six during his innings. Binura Fernando and Al-Amin Hossain were the pick of the bowlers for the Warriors with figures of 3/22 and 3/32 respectively. 

galle-gladiators-beat-dambulla-giants-by-9-runs-in-rain-curtailed-match-1292674

Galle Gladiators beat Dambulla Giants by 9 runs in rain-curtailed match

Galle Gladiators bounced back to pick up a win over Dambulla Giants by 9 runs in the rain-curtailed Lanka Premier League 2021 match at the R. Premadasa Stadium on Tuesday. Veteran English spinner Samit Patel starred with the ball for Gladiators as they defended the target of 135. 

The match got off to a late start due to rain, and was reduced to 14 overs before the toss. After Dambulla Giants skipper Dasun Shanaka won the toss and elected to field, Gladiators were given a solid start by openers Danushka Gunathilaka and Kusal Mendis, who both added 30 runs in 2.5 overs for the opening stand.  

Gladiators’ innings was bolstered by Kusal Mendis who made 35 off 17 balls, hitting 4 fours and a six while Skipper Bhanuka Rajapaksa struck 33 off 20 powered by 3 sixes and a four in his innings. But Gladiators’ middle-order struggled as veteran Proteas spinner Imran Tahir picked up three wickets for 20 runs while Joshua Little picked up 2/29, as they restricted Galle Gladiators to 134/7 in 14 overs. 

Chasing the total, Giants lost Niroshan Dickwella for a duck on the third ball, but the 90-run stand between Philip Salt and Janith Liyanage shifted the tides in their favour, and it looked like Gladiators may suffer their third loss in a row. 

But Salt was dismissed for 41 by Isuru Udana in the 11th over, and shortly after, Samit Patel sent back both Liyanage for 51 and skipper Shanaka for 1 back to the hut, and the match shifted gears once again. 

Despite late hitting from Najibullah Zadran, who hit two sixes to score 16 runs in 9 balls, the Giants fell short of the target by 9 runs, scoring just 125/5 in 14 overs, and the Gladiators won the match to earn crucial two points.

Seekkuge-Prasanna-1-1024x683-1-280x180-1

Seekkuge Prasanna’s heroics guides Colombo Stars to thrilling win over Kandy Warriors

Seekkuge Prasanna smashed unbeaten-32 off 6 balls, as he hammered 5 sixes to guide Colombo Stars to a nail-biting 5-wicket win over Kandy Warriors in the Lanka Premier League 2021 match at R. Premadasa Stadium on Tuesday. Chasing 147, the Stars found themselves in a spot of bother after Sachindu Colombage dismissed Dinesh Chandimal in the fifth ball of the 18th over. 

Needing 37 to win from 13 balls, with five wickets in hands, Prasanna came to the crease to hammer his first six on the first ball he faced from Colombage.  

In the next over from Binura Fernando, Prasanna once again struck a six on the penultimate ball, before running a double on the final ball of the over to put Sherfane Rutherford on strike at the start of the last over.

Lahiru Kumara was given the responsibility to bowl the last over for the Warriors, and Rutherford did well to run a single on the first ball to bring Prasanna back to strike. The right-handed batsman struck three consecutive sixes to help his team pick up the win with two balls to spare.

Earlier, Colombo Stars captain Angelo Mathews won the toss and elected to bowl. Kandy Warriors openers Kennar Lewis and Charith Asalanka stitched a solid 71-run stand for the first wicket. But after Asalanka was dismissed by Dushmantha Chameera in the first ball of the 9th over for 28, the Warriors lost the plot and went on to lose wickets in quick succession.

Chameera starred with the ball for Stars, picking up four wickets for 35 runs in his four overs, while the rest of the bowling unit chipped in with a wicket each. Apart from Lewis’ 62, no other Kandy batsman could get going, and they could only muster 146/9 in 20 overs.

Colombo Stars started the chase poorly as Pathum Nissanka was dismissed for a duck on the third ball. Stars kept losing wickets at key moments and found themselves reeling at 110/5 in 17.5 overs. But Prasanna’s heroics saved the day for Colombo Stars as they picked up two important points to go third in the table.