අවිෂ්කගේ ශතකයෙන් ‘ජැෆ්නා කිංග්ස්’ අවසන් සටනට
දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ ශතකයක් ලද පළමු පිතිකරුවා බවට අවිෂ්ක ප්‍රනාන්දු පත්වීමත්, එම ඉනිම ප්‍රධාන කොට එල්.පී.එල්. තරග ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ඉහළම කඩුල්ලේ සම්බන්ධතාවත් හේතුවෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහිව පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් ලකුණු 23 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ අද (21 දා) රාත්‍රියේදී සමත්වූහ. එම ජයග්‍රයණයත් සමඟ පළමු එල්.පී.එල්. තරගාවලියේ කාබන් කොපියක් බඳු දෙසැම්බර් මස 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් 2021 ශූරතා කුසලාන වෙනුවෙන් උරෙනුර ගැටෙනු ඇත.
ප්‍රතිවාදී නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 211 ක අභියෝගයක් දඹුල්ල ජයන්ට්ස් පිල හමුවේ තැබූ අතර එය හඹා යෑමේදී නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 187 ක් පමණි.
වැඩිම ලකුණු ලාභියා වූයේ චාමික කරුණාරත්න වූ අතර ඔහු පන්දු 47 කදී වේගවත් ලකුණු 75 ක් ලබා ගත්තේය. සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු දායකත්වය නොමැතිවීම නිසා චාමිකගේ ඉනිමද පරාජයේ පරතරය අඩු කිරීම හැර වෙනත් බලපෑමක් සිදු නොකළේය. මෙය චාමිකගේ විස්සයි-20 තරග දිවියේ පළමු අර්ධ ශතකය ලෙසින් සටහන්වීම කැපී පෙනෙයි. ආරම්භයේදී තරමක් පීඩනයකින් යුතුව පන්දුවට පහර දුන් චාමික මුහුණ දුන් 31 වැනි පන්දුවේදීත් රැස් කරගෙන සිටියේ ලකුණු 31 ක් පමණි. එහෙත් එතැන් පටන් තිසර පෙරේරාට එරෙහිව පිට පිට හතරේ පහර 3 ක්, හයේ පහරක්, ලකුණු 2 ක් සහ ලකුණක් වශයෙන් ලකුණු 21 ක් රැස් කර ගැනීමට චාමික සමත්වීම නිසා අර්ධ ශතකය පන්දු 5 ක් ඇතුළත රැස් කර ගැනීමට සමත් වූවේය. මෙය දඹුල්ල පිතිකරුවකු මෙවර තරග වාරයේ වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වූ අතර මීට පෙර පිල් සෝල්ට් (62) ඉහළම ලකුණු ලාභියා බවට පත්ව සිටියේය.
පන්දු 21 කදී ලකුණු 39 ක් රැස් කරමින් වේගවත් ආරම්භයක් ලබා ගැනීමට දඹුල්ල පිතිකරුවන් සමත් වුවත් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟ පන්දු 11 කදී ලකුණු 22 ක් ලබාගෙන සිටි පිල් සෝල්ට්ව පළමු කඩුල්ල ලෙස සුරංග ලක්මාල් විසින් දවා ගත්තේය. දසුන් ශානකගේ සේවය අද තරගයට අහිමිවූ තරගයේදී ඉදිරි පෙළ පිතිකරුවන්ට ලකුණු අතර පැමිණීමට නොහැකි වීමත්, ඉලක්කය විශාල වීමත් නිසා මැද පෙළ පිතිකරුවන්ට පීඩනය එන්න එන්නම වැඩි වන්නට විය. ඒ අතරින් සාර්ථක ඵල නෙළා ගත් මහීෂ් තීක්ෂණ, ජේඩ්න් සීල්ස් සහ තිසර පෙරේරා දඹුල්ල පිලේ මුල් කඩුලු 8 දැවී යන විට කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත්වූහ.
ජැෆ්නා කිංග්ස් පිල රැස් කර ගන්නා ලද ලකුණු 210 න් ලකුණු 170 ක්ම ආරම්භක පිතිකරුවන් වූ අවිෂ්ක ප්‍රනාන්දු සහ රාමනුල්ලා ගුර්බාස්ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු විය. අතිරේක ලකුණු 8 ක්ද හිමිවූ එම ඉනිමේදී සෙසු පිතිකරුවන්ගේ දායකත්වය ලකුණු 33 කි. මෙම ඉනිම ක්‍රියාත්මක වීමේදී දඹුල්ල කණ්ඩායමේ පන්දු රැකීම මෙන්ම පන්දු යැවීමේදී වූ දුර්වල පන්දු මෙතරම් ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට පාදක විය.
මුහුණ දුන් 40 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කරගත් අවිෂ්ක එම ඉනිම මෙවර තරගාවලියේ පිතිකරුවකු ලද පළමු ශතකය බවට පරිවර්තනය කර ගැනීම සඳහා රැස් කර ගන්නා ලද ලකුණු 50 ලබා ගැනීම සඳහා වැය කරන ලද්දේ පන්දු 24 ක් පමණි. අවසන් පන්දුවාරයේදී ශතකය සම්පූර්ණ කර ගැනීමත් සමඟ එල්.පී.එල්. තරග ඉතිහාසයේ ශතකයක් වාර්තා කරන ලද පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා මෙන්ම එල්.පී.එල්. තරග ඉතිහාසයේ එවැනි දස්කමක් කළ දෙවැනි පිතිකරුවා බවට පත්වීමටද අවිෂ්ක ප්‍රනාන්දු අත්විය. පන්දු 64 කදී වාර්තා වුණු අවිෂ්කගේ ලකුණු 100 ක ඉනිමෙන් ලකුණු 64 ක්ම හයේ (6×4) සහ හතරේ පහර (4×10) වලින් රැස් කරන ලද ලකුණු විය.
ශතක ලාභී අවිෂ්කට වඩා ප්‍රවේගකාරී වූ ගුර්බාස්, මුහුණ දුන් 28 වැනිදුවේදී අර්ධ ශතකය සපුරා ගත්තේය. ඒ වන විටත් හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් කරගත් කඩුලු රකින දකුණත් පිතිකරුවා එල්.පී.එල්. ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වැඩිම ලකුණු සම්බන්ධතාවය ලෙසින් වාර්තා වුණු ලකුණු 122 න් ලකුණු 70 කටම හිමිකම් කීවේය. මොවුන් දෙදෙනා විසින් අද බිඳ දමන ලද්දේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක එක්ව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමටඑ එරෙහිව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 121 ක සම්බන්ධතාව විය. එය මෙවර තරග වාරයේ ඉහළම ලකුණු සම්බන්ධතාව ලෙසින් සනිටුහන් විය. චාමික කරුණාරත්නගේ පන්දුවකට පිල් සෝල්ට් උඩ පන්දුවක් රැක ගැනීම නිසා ගුර්බාස්ගේ ඉනිම නිමා වන විට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ද සමඟ පන්දු 40 කට මුහුණ දී තිබුණි.
තරගයේ වීරයා – අවිෂ්ක ප්‍රනාන්දු
ලකුණු සාරාංශය
ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 210 යි – (අවිෂ්ක ප්‍රනාන්දු 100, රාමනුල්ලා ගුර්බාස් 70, ටොම් කොලර්-කැඩ්මෝර් 15, තිසර පෙරේරා 11*, ළහිරු සමරකෝන් 30/2, මර්චන් ඩි ලැන්ග් 47/1)
දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 187 යි – (පිල් සෝල්ට් 22, නිරෝෂන් දික්වැල්ල 18, සඳුන් වීරක්කොඩි 12, නජිබුල්ලා සද්‍රාන් 21, චාමික කරුණාරත්න 75, ජේඩ්න් සීල්ස් 24/3, තිසර පෙරේරා 50/2, මහීෂ් තීක්ෂණ 23/2, වනිඳු හසරංග 32/1, සුරංග ලක්මාල් 25/1)
ජැෆ්නා කිංග්ස් පැරදවූ ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් මහ සටනට
එල්.පී.එල්. තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්වූ කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකගේ ලකුණු 121 ක සම්බන්ධතාවත් මෙවර තරගාවලියේ කඩුලු 5 ක් දවා ගන්නා ලද දෙවැනි පන්දු යවන්නා බවට නුවන් තුෂාර පත්වීමත් ප්‍රධාන කොට Play off තරග වටයේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව ලකුණු 64 ක ජයක් වාර්තා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (19 වැනිදා) රාත්‍රියේ සමත්විය.
ග්ලැඩියේටර්ස් පිල හමුවේ ජැෆ්නා කිංග්ස් පිට පිට ලද තෙවැනි තරග පරාජය බවටද පත්වූ මෙම තරග පරාජයත් සමඟ ඔවුන් එලිමිනේටර් තරගයේ ජයග්‍රාහකයින් වූ දඹුල්ල ජයන්ට්ස් පිල සමඟ තරග වදිනු ඇත. ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත එම තරගයේ ජයග්‍රාහකයින් ලබන 23 වැනිදා ගෝල් ග්ලැඩියේටර්ස් පිල සමඟ වූ අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබනු ඇත.
පන්දු 120 කදී ලකුණු 189 ක අභියෝගය හෙවත් පන්දුවාරයකට ලකුණු 9.40 කට වඩා වැඩි දළ වේගයක් රඳවා ගැනීමේ අභියෝගය ඇතිව පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් පිතිකරුවන්ට ප්‍රබල ග්ලැඩියේටර් පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 16.5 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි.
එම හඹා යෑමේදී පළමු පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් තරගයට අවතීර්ණ වීමට අවිෂ්ක ප්‍රනාන්දු සමත් වුවත් අමීර් එවූ ඊළඟ පන්දුවේදීම දැවී යෑම නිසා ආරම්භය බිඳ වැටිණ. ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් ජැෆ්නා පිල සමන්විත වුවත් රාමනුල්ලා ගුර්බාස් සහ අංක 7 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි වනිඳු හසරංග හැරුණු කොට සෙසු එකම පිතිකරුවකට ලකුණු 10 සීමාවට ළඟා වීමට ග්ලැඩියේටර්ස් පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ.
පන්දු 37 කට මුහුණ දුන් ගුර්බාස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 59 ක් ලබා සිටියදී තුෂාරගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන නුවන් තුෂාර අනතුරුව වටිනාම පිතිකරුවකු වූ ටොම් කොලර්-කැඩ්මෝර් (04) ගේ කඩුල්ල දවා ගත්තේය.
පළමු පන්දුවාර 3 දී ලකුණු 13 ක් පමණක් ලබා දෙමින් සිව්වැනි පන්දුවාරය යැවීමට 17 වැනි පන්දුවාරයේදී පැමිණි තුෂාර පළමු පන්දුවේදී වනිඳු හසරංගවද (29), තෙවැනි පන්දුවේදී වහාබ් රියාස්වද (01) සහ පස්වැනි පන්දුවේදී මහීෂ් තීක්ෂණවද දවා ගනිමින් සිය පන්දුවාර 4 නිලකුණු පන්දුවාරයක්ද සමඟින් ලකුණු 13 කට කඩුලු 5 ක් ලෙසින් සටහන් කර ගත්තේය. මෙය මෙතෙක් එල්.පී.එල්. තරග ඉතිහාසයේ පන්දු යවන්නකු කඩුලු 5 ක් දවා ගත් තෙවැනි අවස්ථාව ලෙසින්ද සනිටුහන් විය.
තිසරගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ග්ලැඩියේටර්ස් පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කළ ගුණතිලක – මෙන්ඩිස් පවර් අධිවේගී (Power play) පන්දුවාර 6 ට ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩ නැංවූහ. එතැනින් නොනැවතුණු ඔවුහු පළමු කඩුල්ලේ සම්බන්ධතාව වෙනුවෙන් ලකුණු 100 කඩඉම 66 පන්දුවේදී ඉක්මවා ගියහ. පන්දු 80 ක් පමණක් වැය වුණු මොවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ වූ ලකුණු 121 ක සම්බන්ධතාව මෙතෙක් එල්.පී.එල්. තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු ඉහළම ලකුණු සම්බන්ධතාවය ලෙසින් සටහන් විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව ලකුණු 110 ක සම්බන්ධතාවක් පැවැත්වූ ජැෆ්නා කිංග්ස් පිලේ ටොම් කොලර්-කැඩ්මෝර් සහ උපුල් තරංග විය.
තරගයට මෙන් ලකුණු රැස් කළ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතරින් පළමුව ලකුණු 50 සීමාව ඉක්මවා ගියේ ගුණතිලකය. ඔහු ඒ සඳහා පන්දු 34 ක් වැය කළේය. ෂොයෙබ් මලික්ට එරෙහිව එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමඟ ගුණතිලක මෙවර තරග වාරයේ පළමු අර්ධ ශතකයට හිමිකම් කියද්දී ඊට පන්දුවකට පසු මෙන්ඩිස් සිය අර්ධ ශතකය සපුරා ගත්තේය. පන්දු 42 කට මුහුණ දුන් ගුණතිලක ලබා ගන්නා ලද ලකුණු 55 ට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් කරගෙන තිබුණි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මෙන්ඩිස් 19 වැනි පන්දුවාරයේදී සිය ඉනිම නිමා කරන විට ලකුනු පන්දු 53 කට මුහුණ දී ලකුණු 85 ක් රැස් කරගෙන සිටියේය. හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 කින් සිය ඉනිම සරසා ගත් දකුණත් ආරම්භක පිතිකරුවා අද රැස් කර ගන්නා ලද්දේ සිය විස්සයි-20 තරග දිවියේ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව විය. මෙවර එල්.පී.එල්. තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය බවට පත්වූ මෙම ඉනිමත් සමඟ මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමටද මෙන්ඩිස් දැන් සමත්ව සිටියි. තරග 9 කට සහභාගිව සිටින මෙන්ඩිස් ප්‍රහාරක වේගය 150.00 ක් රඳවා ගනිමින් මුලු ලකුණු 288 ක් ලබා සිටියි.
තිසර පෙරේරාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ගුණතිලක 14 වැනි පන්දුවාරයේදී දැවී ගියද අනෙක් අන්තයේ සිටි මෙන්ඩිස් පන්දුවෙන් පන්දුවට ලකුණු අතර සිටීම නිසා ග්ලැඩියේටර්ස් පිලට පහසුවෙන්ම ලකුණු 200 සීමාව ඉක්මවා යෑමට හොඳින්ම අවකාශ තිබිණ. එහෙත් 15 වැනි පන්දුවාරය ලකුණු 7 කටත් 17 වැනි වැනි පන්දුවාරය ලකුණු 8 කටත් සීමා කිරීමට පන්දු යැවූ වනිඳු හසරංග සමත්වීම නිසා ග්ලැඩියේටර්ස් පිල පවත්වාගෙන ආ වේගය අඩාල විය.
පිතිකරණ පිළිවෙළේ උසස්වීමක් ලබමින් අංක 3 ස්ථානයෙන් පැමිණි අන්වර් අලී පන්දු 7 කදී ලකුණු 12 ක්ද නායක භානුක රාජපක්ෂ අවසන් පන්දු වාරය යැවූ වහාබ් රියාස්ට එරෙහි පිට පිට එල්ල කරන ලද හයේ පහර 2 ත් සමඟ පන්දු 15 කදී වේගවත් ලකුණු 25 ක් ලබා ලකුණු පුවරුව ඉහළ දැම්මේය. ග්ලැඩියේටර්වරුන් පිතිකරුවන් පන්දු යැවීමට පැමිණි සෑම ජැෆ්නා පන්දු යවන්නකුම පන්දුවාරයකට ලකුණු 8.5 කට වඩා වැඩියෙන් රැස් කිරීමට සමත්වීම කැපී පෙනුණි. ඔවුන් සතු හොඳම පන්දු යවන්නන් වූ මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග හමුවේ කඩුලු ලබා නොදීමට වග බලා ගත් ග්ලැඩියේටර්වරුන් එම පන්දුවාර 8 දී ලකුණු 67 ක් උදුරා ගැනීමට සමත්විය. තිසර පෙරේරා සහ වහාබ් රියාස් කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී සුරංග ලක්මාල් එක් කඩුල්ලක් බිඳ හෙළුවේය.
තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්
ලකුණු සාරාංශය
ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 188 යි – (කුසල් මෙන්ඩිස් 85, ධනුෂ්ක ගුණතිලක 55, භානුක රාජපක්ෂ 25, අන්වර් අලී 12, වහාබ් රියාස් 39/2, තිසර පෙරේරා 36/2, සුරංග ලක්මාල් 29/1)
ජැෆ්නා කිංග්ස් පන්දුවාර 16.5 කදී සියලු දෙනා දැවී ලකුණු 124 යි – (රාමනුල්ලා ගුර්බාස් 59, වනිඳු හසරංග 29, නුවන් තුෂාර 13/5, ඉසුරු උදාන 19/1, පුලින තරංග 13/1, අන්වර් අලී 03/1)
Ravi Bopara scores a half-century as Kandy Warriors defeat Dambulla Giants by 6 wickets
17 December, 2021
The Kandy Warriors recorded their second victory in the Lanka Premier League after defeating Dambulla Giants by 6 wickets on Thursday. After restricting the Giants to 130/9 in their 20 overs, the Kandy Warriors chased down their target in 19.2 overs.
Ravi Bopara played a fantastic innings of 59* runs from 50 balls, laced with 3 boundaries and 2 sixes. Opening batter Kennar Lewis and Angelo Perera chipped in with scores of 27 and 29* respectively. The Giants dismissed Charith Asalanka, Minod Bhanuka and Kamindu Mendis for not too many runs on the board, however, the 60-run partnership between Bopara and Perera ensured that the Warriors walked off the field as winners.
Earlier, the Dambulla Giants couldn’t find a way to get going with the bat as they kept losing wickets at regular intervals. Ramesh Mendis was the only highlight of Giants’ batting card with an innings of 41 runs from 28 balls. He struck 2 boundaries and 1 six during his innings. Binura Fernando and Al-Amin Hossain were the pick of the bowlers for the Warriors with figures of 3/22 and 3/32 respectively.
Galle Gladiators beat Dambulla Giants by 9 runs in rain-curtailed match
Galle Gladiators bounced back to pick up a win over Dambulla Giants by 9 runs in the rain-curtailed Lanka Premier League 2021 match at the R. Premadasa Stadium on Tuesday. Veteran English spinner Samit Patel starred with the ball for Gladiators as they defended the target of 135.
The match got off to a late start due to rain, and was reduced to 14 overs before the toss. After Dambulla Giants skipper Dasun Shanaka won the toss and elected to field, Gladiators were given a solid start by openers Danushka Gunathilaka and Kusal Mendis, who both added 30 runs in 2.5 overs for the opening stand.
Gladiators’ innings was bolstered by Kusal Mendis who made 35 off 17 balls, hitting 4 fours and a six while Skipper Bhanuka Rajapaksa struck 33 off 20 powered by 3 sixes and a four in his innings. But Gladiators’ middle-order struggled as veteran Proteas spinner Imran Tahir picked up three wickets for 20 runs while Joshua Little picked up 2/29, as they restricted Galle Gladiators to 134/7 in 14 overs.
Chasing the total, Giants lost Niroshan Dickwella for a duck on the third ball, but the 90-run stand between Philip Salt and Janith Liyanage shifted the tides in their favour, and it looked like Gladiators may suffer their third loss in a row.
But Salt was dismissed for 41 by Isuru Udana in the 11th over, and shortly after, Samit Patel sent back both Liyanage for 51 and skipper Shanaka for 1 back to the hut, and the match shifted gears once again.
Despite late hitting from Najibullah Zadran, who hit two sixes to score 16 runs in 9 balls, the Giants fell short of the target by 9 runs, scoring just 125/5 in 14 overs, and the Gladiators won the match to earn crucial two points.
Seekkuge Prasanna’s heroics guides Colombo Stars to thrilling win over Kandy Warriors
Seekkuge Prasanna smashed unbeaten-32 off 6 balls, as he hammered 5 sixes to guide Colombo Stars to a nail-biting 5-wicket win over Kandy Warriors in the Lanka Premier League 2021 match at R. Premadasa Stadium on Tuesday. Chasing 147, the Stars found themselves in a spot of bother after Sachindu Colombage dismissed Dinesh Chandimal in the fifth ball of the 18th over.
Needing 37 to win from 13 balls, with five wickets in hands, Prasanna came to the crease to hammer his first six on the first ball he faced from Colombage.
In the next over from Binura Fernando, Prasanna once again struck a six on the penultimate ball, before running a double on the final ball of the over to put Sherfane Rutherford on strike at the start of the last over.
Lahiru Kumara was given the responsibility to bowl the last over for the Warriors, and Rutherford did well to run a single on the first ball to bring Prasanna back to strike. The right-handed batsman struck three consecutive sixes to help his team pick up the win with two balls to spare.
Earlier, Colombo Stars captain Angelo Mathews won the toss and elected to bowl. Kandy Warriors openers Kennar Lewis and Charith Asalanka stitched a solid 71-run stand for the first wicket. But after Asalanka was dismissed by Dushmantha Chameera in the first ball of the 9th over for 28, the Warriors lost the plot and went on to lose wickets in quick succession.
Chameera starred with the ball for Stars, picking up four wickets for 35 runs in his four overs, while the rest of the bowling unit chipped in with a wicket each. Apart from Lewis’ 62, no other Kandy batsman could get going, and they could only muster 146/9 in 20 overs.
Colombo Stars started the chase poorly as Pathum Nissanka was dismissed for a duck on the third ball. Stars kept losing wickets at key moments and found themselves reeling at 110/5 in 17.5 overs. But Prasanna’s heroics saved the day for Colombo Stars as they picked up two important points to go third in the table.
Seekkuge Prasanna’s heroics guides Colombo Stars to thrilling win over Kandy Warriors
Seekkuge Prasanna smashed unbeaten-32 off 6 balls, as he hammered 5 sixes to guide Colombo Stars to a nail-biting 5-wicket win over Kandy Warriors in the Lanka Premier League 2021 match at R. Premadasa Stadium on Tuesday. Chasing 147, the Stars found themselves in a spot of bother after Sachindu Colombage dismissed Dinesh Chandimal in the fifth ball of the 18th over.
Needing 37 to win from 13 balls, with five wickets in hands, Prasanna came to the crease to hammer his first six on the first ball he faced from Colombage.
In the next over from Binura Fernando, Prasanna once again struck a six on the penultimate ball, before running a double on the final ball of the over to put Sherfane Rutherford on strike at the start of the last over.
Lahiru Kumara was given the responsibility to bowl the last over for the Warriors, and Rutherford did well to run a single on the first ball to bring Prasanna back to strike. The right-handed batsman struck three consecutive sixes to help his team pick up the win with two balls to spare.
Earlier, Colombo Stars captain Angelo Mathews won the toss and elected to bowl. Kandy Warriors openers Kennar Lewis and Charith Asalanka stitched a solid 71-run stand for the first wicket. But after Asalanka was dismissed by Dushmantha Chameera in the first ball of the 9th over for 28, the Warriors lost the plot and went on to lose wickets in quick succession.
Chameera starred with the ball for Stars, picking up four wickets for 35 runs in his four overs, while the rest of the bowling unit chipped in with a wicket each. Apart from Lewis’ 62, no other Kandy batsman could get going, and they could only muster 146/9 in 20 overs.
Colombo Stars started the chase poorly as Pathum Nissanka was dismissed for a duck on the third ball. Stars kept losing wickets at key moments and found themselves reeling at 110/5 in 17.5 overs. But Prasanna’s heroics saved the day for Colombo Stars as they picked up two important points to go third in the table.